subash

subash

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගෙන් සව්දි අරාබියාව ගලවා ගැනීම සඳහා ජෝර්දාන් දේශසීමාවේ සිට කුවේට්‌ දේශසීමාව දක්‌වා සැතපුම් 600 ක තාප්පයක්‌ ඉදිකිරීමට සව්දි රජය තීරණය කර ඇත.

ටෙලිකොම් ආයතනයේ ප‍්‍රවර්ධන නිළධාරියකුව සිට ඉන් ඉවත්වූ වජිර ජයවර්ධන මහතා පා.ම. නාමල් රජපක්‍ෂගේ උවමනාව මත මොබිටෙල් ආයතනයේ ඉහල වැටුපකට, ප‍්‍රවර්ධන කළමණාකරු ලෙස නීතිවිරෝධී ආකාරයෙන් බඳවාගැනීමට මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරීයා වන රංජිත් රූපසිංහ උත්සාහ දරමින් සිටී.

මෙතෙක් වාර්තා වී ඇති දත්ත අනුව පෘථිවිය මුහුණදුන් වඩාත් උෂ්ණාධිකම වර්ෂය ලෙස 2014 නම් කළ හැකි බව ඇමෙරිකානු විද්‍යාඥයෝ පවසති.

මෙවර ජාතික නිදහස් දින උත්සවය කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය පෝසප් මයිකල් පෙරේරා මහතා පවසයි.  ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීමට නියමිත වන්නේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදිය.

ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් නීති විරෝධී ලෙස උපයන මුදල් මින්පසු ස්‌විස්‌ බැංකුවල තැන්පත් කිරීම ව්‍යර්ථ කරන නව නීති රීති ස්‌විස්‌ රජය විසින් පනවා ඇතැයි වාර්තාවේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල 'නෙළුම් පොකුණ ජාතික රඟහල' ලෙස වෙනස්‌ කරන්නැයි කලාකරුවෝ රැසක්‌ සංස්‌කෘතික ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගෙන් ඊයේ (16 දා) ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විශේෂ ප‍්‍රචාරක පුවරු සහ බැනර් මහාමාර්ග දෙපස සවි නොකරන ලෙස රජය ඉල්ලීමක් කරයි. මීට අමතරව ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විද්‍යුත් රූප රාමු ප‍්‍රදර්ශනය කිරීම, දිරිමත් නොකරන ලෙස ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඡන්ද විමසීම්වලට සම්බන්ධ නීති රීති සංශෝධනය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා කෙටි කාලසීමාවකින් සිදු කිරීම අනුවණ ක්‍රියාවක්‌ බව මැතිවරණ කොමසාරිස්‌වරයා පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ භාවිත කළ අංක තහඩු නොමැති වාහන සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Connet With Us