නාමල්ගේ කීමට තාමත් ජොබ් දෙනවා

Published in පුවත්
Saturday, 17 January 2015 09:17

ටෙලිකොම් ආයතනයේ ප‍්‍රවර්ධන නිළධාරියකුව සිට ඉන් ඉවත්වූ වජිර ජයවර්ධන මහතා පා.ම. නාමල් රජපක්‍ෂගේ උවමනාව මත මොබිටෙල් ආයතනයේ ඉහල වැටුපකට, ප‍්‍රවර්ධන කළමණාකරු ලෙස නීතිවිරෝධී ආකාරයෙන් බඳවාගැනීමට මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරීයා වන රංජිත් රූපසිංහ උත්සාහ දරමින් සිටී.

මේ අනුව ලබන පෙබරවාරී මස පළමු වනදා සිට ඔහු එම තනතුර බාර ගැනීමට ද සූදානම්ව සිටින මුත් එම ‍රැකියාව සඳහා අයෙකු බඳවා ගැනීමට කිසිදු පෙර දැන්වීමක් සමාගම විසින් සිදු කරුනු ලැබ නොතිබිණි. ඒ අනුව මෙම බඳවා ගැනීම ආයතනයේ නීති රීතිවලටද පට හැනිය.

වජිර ජයවර්ධන ටෙලිකොම් ආයතනයේ සේවයට පැමිණියේ මීට වසර 4 කට පෙරාතුව වුවත් ඔහු ටෙලිකොම් ආයතනයේ වැටුප් ලබමින් වැඩි කාලයක් නාමල් රජපක්ෂගේ මැතිවරණ කටයුතු කළ බවත් විවිධ වැඩසටහන් වලින් නීති විරෝධී ආකාරයෙන් විශාල කොමිස් මුදල් ලබාගත් දූෂිත නිළධාරියෙක් බව ටෙලිකොම් ආයතනයේ වෘතීය සමිති නියෝජිතයින් චෝදනා තරයි.

නාමල් රාජපක්‍ෂගේ හෙංචයියෙක් වීම හැර වෙනත් කිසිදු සුදුසුකමක් නොමැති මොහු නාමල් රාජපක්‍ෂගේ කීමට ජනවාරි පලමු දින ටෙලිකොම් ආයතනයෙන් ඉවතවූයේ ජනාධිපතිවරණයේ කටයුතු අවසන්වූ පසු මොබිටෙල් ආයතනයේ තනතුරක් ලබාදීමේ පොරොන්දුව මතය.

Last modified on Saturday, 17 January 2015 09:18

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us