ඔහු මේ බව පවසා සිටියේ සිය අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගනිමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා,
“අද වනවිට පොදු ජනතාව අපේක්ෂා කළ වෙනස රටේ ඇතිවෙලා තිබෙනවා. නව ජනාධිපතිවරයෙක් හා නව රජයක් පත්වෙලා රටේ වගකීම බාර ගෙන තිබෙනවා. අපේ රටේ විවිධ දේශපාලන මත දරණ, විවිධ දේශපාලන පක්ෂ වෙනුවෙන් කටයුතු කළ අය රජයේ අමාත්‍යාංශ වල ඉන්නවා. අපි අළුත් දර්ශණයක් ඔස්සේ අපේ තරුණ පරපුර ලෝක සිතියමේ ඉහළටම ඔසවා තබන්න කටයුතු කළ යුතුයි. යනුවෙන්ද ඔහු පවසා සිටියේය.