එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2000 වසරේ සිට නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කරන චම්පික ප්‍රේමදාස මහතා වසර 50 ක අත්දැකීම් හා පලපුරුද්ද සහිත පරිනත දේශපාලඥයෙකි.
1998 දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වූ ඔහු මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයා ලෙසද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයෙක් ලෙසද දැදිගම කොට්ඨාශ බල මණ්ඩලයේ සභාපති හා වරකපොල සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.