නෙළුම් පොකුණෙන් මඩ ඉවත් කරන්න, කලාකරුවන්ගෙන් යෝජනාවක්

Published in පුවත්
Saturday, 17 January 2015 08:42

නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල 'නෙළුම් පොකුණ ජාතික රඟහල' ලෙස වෙනස්‌ කරන්නැයි කලාකරුවෝ රැසක්‌ සංස්‌කෘතික ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගෙන් ඊයේ (16 දා) ඉල්ලා සිටියහ.

එම රඟහල ඉදිරිපිට මාවතේ නම ද නෙළුම් පොකුණ මාවත වෙනුවට යළි 'ආනන්ද කුමාරස්‌වාමි මාවත' ලෙස වෙනස්‌ කරන ලෙසද නන්දිමිත්‍ර ඒකනායක මහතාට ජාතික වැඩපිළිවෙළක්‌ යෝජනා කරමින් ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් මහතා ඊයේ (16 දා) සෙත්සිරිපායේ පිහිටි සංස්‌කෘතික අමාත්‍යාංශයේදී ඉල්ලා සිටියේය.

මෙරට කලා ඉතිහාසය ගැන ප්‍රකට ලියැවිලි ‍රැසක් කළ විද්වතකු හා කලාකරුවකු වන ආනන්ද කුමාරස්වාමී මහතාට උපහරයක් පිණිස එතුමාගේ ගේ නාමයෙන් තිබු මෙම මාර්ගය නෙළුම් පොකුණ මාවත ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එවකට ප්‍රබල විරෝධයක් පැන නැගිනි.

සංස්‌කෘතික ඇමැතිවරයා ලෙස නන්දිමිත්‍ර ඒකනායක මහතා රාජකාරි භාර ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයේදී කේ. බී. හේරත් මහතා මෙම ඉල්ලීම කළේය.

Last modified on Saturday, 17 January 2015 08:53

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us