subash

subash

රතුපස්‌වල සහ වැලිවේරියේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා මරණයට පත් කළ සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය ඊයේ (16 දා) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශ සඳහා සංචාරය කිරීමේදී විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ සඳහා උපදෙස් ලබා තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි ඇති නඩු 5 රජය ඉල්ලා අස්‌කර ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

අසාර්ථක සංවර්ධ ව්‍යාපෘතියක් බවට පත්ව ඇති 'මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර' ගුවන්තො‍ටුපොළෙන් මින් පසුවට ගුවන් ගමන් යෙදෙන්නේ මැද පෙරදිග රටවලට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පාදුක්ක, වග, වැලිපැන්න ප්‍රදෙශයේ සංචාරක හොටලයක් ඉදිකරමින් සිටින බව හෙළිව තිබේ.

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක  නිලධාරී ලලිත්ද සිල්වා මහතා  වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට එම අයතනයේ වෘත්තීය සමිති 10ක් ඒකාබද්ධව අද දින ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
අයථා ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබා ගත්  ඉහළ හමුදා නිලධාරීන් ‍රැසක් ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවට නව ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට පැමිණිළි ‍රැසක් ලැබී ඇති බව දැන ගැනීමට ඇත.
හිටපු නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ කොළඹ, කැප්පෙට්ටිපොළ පාරේ පිහිටි නිල නිවසේ තිබූ ඉබි යතුරු, දොර රෙද්දේ සිට  වායුසමීකරණ යන්ත්‍ර ආදී සියල්ල  නිල නිවසෙන් ඉවත්ව යාමේදී ගලවාගෙන රැගෙන ගොස් තිබේ.

දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් අද (16) දින විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

කොළඹ මාළිගාවත්ත ජොතිපාල මාවතේ පවත්වාගෙන ගිය හිටපු ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂට අයත් කාර්ල්ටන් ළදරු පාසලේ ගොඩනැගිල්ලක් තුල සඟවා තබා ඇති යම් භාණ්ඩ තොගයක් ගැන තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

Connet With Us