ටෙලිකොම් ලලිත්ව පන්නනු.! වෘත්තීය සමිති 10 ජනපතිගෙන් ඉල්ලයි

Published in පුවත්
Friday, 16 January 2015 17:11
ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක  නිලධාරී ලලිත්ද සිල්වා මහතා  වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට එම අයතනයේ වෘත්තීය සමිති 10ක් ඒකාබද්ධව අද දින ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
 
 ඉතා දූෂිත නිලධාරියකු ලෙස සැලකෙන ලලිත් ද සිල්වා පසු ගිය රාජපක්ෂ පාලන සමයේදි  මෙන්ම ජනාධිපතිවරණයේදී ද රාජාපක්ෂ රෙජිමය ‍රැක ගැනීම වෙනුවෙන් මෙම ආයතනයේ  රුපියල් කෝටි ගනනක මුදල් වැය කළ බව මේ වන විට හෙළිව තිබේ.
 
අදාල වෘත්තීය සමිති විසින් පෙන්වා දෙනු ලබන ආකාරයට ශ්‍රීලංකාවේ ඉහළම මාසික වැ‍ටුපක ලබන විධායක නිලධාරියා වන්නේ ලලිත්ද සිල්වාය. එය රුපියල් කෝටියකි. ඒ සියලු බදු කැපා හැරීමෙ පසුය. එසේම මොහු  බී.එම්. ඩව්ලිව්, බෙන්ස්, මොන්ටෙරෝ හා අවුඩි  යන වෙළඳ නාම යටතේවන අති සුඛෝපභෝගී රථ 4ක් පාවිච්චි කරනු ලබන අතර ඒ සඳහා වන ඉන්ධන හා නඩත්තු වියදම් සියල්ල  ටෙලිකොම් ආයතයෙන් දරනු ලැබීය. 
 
එමෙන්ම ටෙලිකොම් ආයතනයෙන්ම මාසිකව ගෙවනු ලබන සුපිරි නිවසක් යුනියන් ප්ලේස්, අංක 51 එම්පයර් රෙසිඩෙන්සී හී මොහු වෙනුවෙන් වෙන්ව පවතීයි. මේ සඳහා මාසිකව ලක්ෂ 8ක මුදලක් වැය කර තිබේ.
 
 
 
  
Last modified on Friday, 16 January 2015 17:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us