ටෙලිකොම් ලලිත්, හදිස්සියේ මෛත්‍රීවාදියෙක් වෙලා !

Published in පුවත්
Monday, 12 January 2015 23:18

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා හදිස්සියේම මෛත්‍රීවාදියකු වී ඇති බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතයේ කෝටි ගනනක මුදල් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කළ ලලිත් ද සිල්වා සිය හිත මිතුරන් මාර්ගයෙන් ජනාධිපතිවරයාට පණිවිඩ යවමින් තමන් රහසිගතව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වූ බව පවසා තිබේ.


මේවන විටත් සිය කාර්යාලයේ තිබු මහින්ද රාජපක්ෂගේ ඡායාරූප සියල්ලම ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඡායරූප ‍රැසක් ටෙලිකොම් ආයතනය පුරා එල්ල තැබීම සිදු කර තිබේ.

ඒ කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැලැන්ඩර් ලක්ෂ 5 ක් . කුඩා ප්‍රමාණයේ ප්‍රකාශන ලක්ෂ 10ක් යනාදී වශයෙන් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ටෙලිකොම් මුදල් වැය කළේය. එමෙන්ම කෝටි ගන්නක පුවත්පත් දැන්වීම් රසක්ද ටෙලිකොම් ආයතයේ මුදලින් පල කරනු ලැබීය.

එමෙන්ම බොදු බල සේනා ඇතුළු රාජපක්ෂගේ මඩ වෙබ් අඩවි පවත්වාගෙන යාම හා SMS වෙනුවෙන් මොබිටෙල් ආයතයේ තාක්ෂණික පහසුකම් නොමිලයේම සපයා දීමට ලලිත් ද සිල්වා මහතා කටයුතු කළේය.

SMS ව්‍යාපෘතිය වෙනුවෙන් මොබිටෙල් සමාගමේ වැ‍ටුප් ගෙවමින් තාක්ෂණික ශිල්පීන් 12 දෙනෙකුට මොහු විසින් වැ‍ටුප් ගෙවනු ලැබීය.

සියයට 53ක් කොටස් හිමි අර්ධ රාජ්‍ය සමාගමක් වන ටෙලිකොම් සමාගමෙන් ලක්ෂ 30ක පමණ මාසික ආදායකම් ලබන මේ දූෂිතයා මේවන විට මෛත්‍රීපාල සිරිසේන මහතගේ සිත් දිනාගෙන ‍රැකියාව ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරමින් සිටී.

මේ තක්කඩියන්ව අප විසින් හෙළිදරව් කරන්නේ මෛත්‍රීපාලනය යනු හොර තක්කඩියන්ට සමාව දෙන යහතින් වැජඹෙන්නට ඉඩ දෙන තැනක් බවට පත්වෙමින් තිබෙන බවට පෙනීයාම හේතුවෙනි.


එමෙන්ම මෙවැනි දූෂිත පුද්ගලයන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වලකම පාවිච්චිකර තවදුරටත් තමතමන්ගේ තනතුරු ආරක්ෂා කර ගැනීමත් කළ වරදි වලට දඬුවම් විදීම මඟ හරවා ගැනීමටත් උත්සහ ගනිමින් සිටී. ඒ පරාජය කිරීම මාධ්‍යයේ වගකීමක් ලෙස අප කල්පනා කරමු.

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us