ඉහළ නියෝගයට කලාකරුවො විරෝධය පාති

Published in පුවත්
Monday, 12 January 2015 22:08

ජාතික රූපවාහිණියේ ඉරිදා ආයුබෝවන් වැඩ සටහනට සහභාගි වූ සෞම්‍ය ලියනගේ, දීපානි සිල්වා ,නිරෝෂා විරාජිණී සහ ජෙහාන් ශ්‍රිකාන්ත යන කලාකරුවන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූයේ ඇයිද යන්න පිළිබඳ සාකච්ජා කරමින් සිටින මොහොතේ දී ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා මහනුවරදී ආගමික වතාවත් හී යෙදීම ප්‍රදර්ශනය කරණු ලැබීය.


සිරස ටීවී හී විශේෂ විකාශනයකින් ලබාගත් දර්ශණ පෙළක් මෙම සාකච්ජාව නවතා දමා විකාශය කෙරිණ. තමන් සහභාගි වූ සජීවි වැඩ සටහනෙන් කාලය උදුරා ගැනීම පිළිබදව සිය විරෝධය පල කළ කලාකරුවන් වෙනස ඇරඹිය යුත්තේ මෙවැනි දේවල් වළින් බවද පෙන්වා දෙනු ලැබීය.

යමෙක් ආගාමික වතාවත් හී යෙදීම පෞද්ගලික කාරනාවක් බව පැහැදිළි කළ මෙම කලාකරුවෝ මෙවැනි දේ සදහා විරෝධය දැක්වීමත් තමන් මෙවර මැතිවරණයේ දී පාරට බැසීමට හේතුවක් වූ බව පැවසූහ. එහෙත් තමන්ටම එවැනි අත්දැකීමක් විදින්නට වීම ගැන ඔවුන් කණගාටුව ප්‍රකාශ කළ අතර තමන් පක්ෂයක් වෙනුවෙන් නොව ක්‍රමවේදයේ වෙනසක් අපේක්ෂාවෙන් පාරට බැසීමට තීරණය කළ බව පෙන්වා දුන්හ.

නායකත්වයට අවශ්‍යය නොවුණ ද මේ ක්‍රමය පවත්වා ගෙන යාමට හුරු වූ සහ කැමති වූ පිරිස් මෙවැනි දේ සදහා කාලය නාස්ති කිරීමෙන් සහ නායකත්වය පෙළඹවීමෙන් ජනතා පරමාධිපත්‍යයට හානි කර දේ සිදු විය හැකි බව පෙන්වා දුන් කලාකරුවෝ තමන් සජීවී වැඩ සටහනකට යැයි ගෙන්වා විනාඩි 20 – 15 ක් පමණ කාලයක් මෙවැනි දර්ශන ගණනක් නැරඹිමට යොමු කිරීම පිළිබදව ද විරෝධය පළ කළහ.

දැනගන්නට ලැබෙන පරිදි මෙම වැඩ සටහන ඉහලින් ආ නියෝගයක් මත විකාශය වී ඇති බව සේවකයන් පවසා ඇත. පෙර රජයේ සියලූ අක‍්‍රමිකතා ඇතිවූයේද ඉහළින් නියෝග ලැබුනා යන අණ කිරීම ඔස්සේය. වෙනස සඳහා වූ පෙළගැසුනු කලාකරුවන්ටද අසන්න ලැබෙන්නේ මේ ඉහලින් ආ නියෝගයක් යන්නමනම් වෙනස ඇති කළ හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න විමසා බැලිය යුතුය.

ඉහලින් එන නියෝග යන්න වහා වෙනස් කළයුතු රෝගයකි විෂබීජයකි. මෙලෙස මෙම වැඩ සටහන් විකාශය කිරීමෙන් කලාකරුවන්ට සිදුවන අපහසුතා පිළිබඳ මාධ්‍ය ආයතන මීට වඩා සැළකිලිමත් විය යුතු අතර වෙනස ඇති කිරීම යනු අනෙකාට ගරුකිරීම වැනි සාමාන්‍ය කාරණා තුළ සිටම සිදුවිය යුතු බව මෙවැනි සිදුවීම් වළින් පෙනෙන්නට තිබේ. වෙනස සඳහා එකතුවූ සමහර කලාකරුවන් තාන්න මාන්න පිළිබඳ මහත් ගිජු කමින් සිටින බව පෙනෙන්නට ඇත. කෙසේවුවද බහුතරයක් බුද්දිමත් කලාකරුවන්ට සැබැවින්ම අවශ්‍යව ඇත්තේ තනතුරු වන්දිබට්ට වරප‍්‍රසාද නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කිරීමත් නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමත් යන මූලික කාරණාය.

 

- mirrorarts-

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us