subash

subash

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වූ සිවිල් සංවිධාන 47 ක් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඇතිකරගනිමින් සිටින එකඟතාවලට විරෝධය පළ කර තිබෙන බව වාර්තා වේ.

නිවේදිකාවක්‌, මෝස්‌තර නිරූපිකාවක්‌, රූ රැජනක්‌, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්‌ විදිහට කාලෙන් කාලෙට ඔබ ඉදිරියට පැමිණි නර්මදා යාපා අබේවර්ධන අද වෙන විට මවක්. මවකගේ අත්දැකීම් ගැන නර්මදා අපට මෙලෙස පැවසුවා.

ආණ්‌ඩුවේ දින 100 වැඩසටහන තුළින් කළ හැක්‌කේ සීමිත කාර්යභාරයක්‌ පමණක්‌ බවත් ඒ නිසා ඒ ගැන විශාල සිහින ලෝකවලට යා යුතු නැති බවත් මේ සීමිත කාලය තුළ ව්‍යවස්‌ථා සංශෝධන හා වංචා දූෂණ වැළැක්‌වීම සඳහා වූ ශක්‌තිමත් ආයතන පද්ධතියක aපිහිටුවීම ආදී කරුණුවලට මුල් තැන දෙන බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක හා ජාතික විධායක සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක මහතා පැවැති සාකච්ඡාවකදී පැවසීය.

ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පවසන්නේ සිය අමාත්‍යංශයට අයත් ආයතනවල සිදුව ඇති වංචා දුෂණ රැසක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

රජයේ දින 100 වැඩසටහන යටතේ යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා පත් කර ඇති ජාතික විධායක සභාවට තවත් යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා තලවතුගොඩ බටදෙනිය ප්‍රදේශයේ ඉඩමක් බලය යොදවා අත්පත්කර ගැනීමට කටයුතු කළ බව අනාවරණය වේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සිය පළමු නිළ සංචාරය ලෙස අද (17) රාත‍්‍රියේ ඉන්දියාව බලා පිටත් ගියේය.

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත බදාදා (21 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සමඟම දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද එදිනම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එම තනතුරින් ඉල්ලා අස්වන්නැයි ශ්‍රි ලංකා නිතිඥ සංගමය අද  පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ලා සිටියේය.

Connet With Us