මේ සම්බන්ධයෙන් වන සිය විරෝධතාවය දැක්වීම සඳහා පසුගියදා මෙම කණ්ඩායමෙහි නියොජිතයෝ බුද්ධසාසන ඇමැති කරූ ජයසූරිය මහතා හමුවී කරුණු පැහැදිලි කර තිබේ.
එහිදී දින සියයේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනිමට එම සංවිධාන කැපවී සිටින නමුත් මෙම ලබා ගත් ජනතා ජයග්‍රහණය ආපස්සට ඇදීම සඳහා කුමන්ත්‍රණ කරමින් සිටින හිටපු ජනාධිපතිවරයා හා එම කණ්ඩයම සමඟ එකඟතාවලට පැමිණීම වත්මන් ජයග්‍රහණය විනාශ කර ගැනීමක් බව පෙන්වා දී තිබේ.