ලැම්බොගිනියක් පිළියන්දලින් මතුවේ, සැබෑ අයිතිකරු නෑ

Published in පුවත්
Sunday, 18 January 2015 09:51

පිලියන්දල පොලීසිය විසින් එම ප‍්‍රදේශයේ නිවසක තිබියදී ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරයි.

එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු දුන් තොරතුරක් මත සොයාගෙන තිබෙන මෙම මෝටර් රිය ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකුගේ බවටද තොරතුරු වාර්තා වෙයි.

හමුදා සැපයුම්කරුවකු බව කියන පුද්ගලයකුට අයත් පිළියන්දල නිවසකින් මෙම සුඛෝපභෝගී ලැම්බෝගිනි රථය සොයා ගැනීමට පිළියන්දල පොලිසිය සමත් වී තිබේ.

පොලිසිය විසින් මෙම රථය පිළිබඳ පරික්ෂා කිරීමේදි ඉදිරිපත් කළ ලියකියවිලි ප්‍රශ්නකාරී බවත් නිවැරදි ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් ලැබ්බෝගිනි රථය පොලිස් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම රිය ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ආරක්ෂාව සඳහා එහි ගෙන ආ බව පෙනේ යැයි ද පොලිසිය සැක පහල කරයි. මෙම රථයක වටිනාකම අවම වශයෙන් රුපියල් ලක්ෂ 700 බව පැවසේ.

Last modified on Sunday, 18 January 2015 15:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us