දින 100 වැඩපිළිවලට ජනතාව මැදිහත් විය යුතුයි

Published in පුවත්
Sunday, 18 January 2015 09:58

මහින්ද පරාජය කළා කීවාට මහින්ද පරාජය වෙලා නෑ. මහින්දගේ ප‍්‍රතිපත්ති එහෙම්මම තියෙනවා නම් මහින්ද පැරදුණා කියන්න බෑ. රූපකාය විතරක් එලවලා වැඩක් නෑ. රූපකායත් එලවලා නෑ. මහින්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස ඉන්නවා. මෛත‍්‍රීපාල නායකත්වය දරන පක්ෂයට ඔහු දෙන අනුශාසනා මොනවද? මේ තත්ත්වය වෙනස් කරලා සමාජයට ජයග‍්‍රහණ හිමිකර දෙන්න නම් ජනතාව දේශපාලන වශයෙන් සක‍්‍රීය විය යුතුව ඇතැයිපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසයි.

කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් සිය පක්ෂයේ අදහස් පලකල අයුරු.

‘‘මේ ආණ්ඩුව තමන්ගේ දැක්ම ලියවිලි දෙකකින් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය. ඒ ගැන අපි මැතිවරණයට පෙරත් කතා කළා. ඒ ප‍්‍රතිපත්ති ගැන අපිට බරපතළ විවේඡනයක් තිබෙනවා. කැමති ගාණක් දාගන්න ඉඩ තියලා හිස් චෙක් එකක් අත්සන් කරලා පාලකයන්ට දෙන්න එපා කියලා අපි ජනතාවට කිව්වා. කොහොම වුණත් ලක්ෂ 60කට අධික ජනතාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැන විශ්වාසය තබා තිබෙනවා. ඒ වගේම අපි මැතිවරණයෙන් පසු ජනතාවට විවේක ගන්න බෑ ඇත්ත දේශපාලන අරගලය පටන්ගන්න වෙන්නේ නවවෙනිදායින් පසු කියා කීවා. දැන් ආණ්ඩුව දින 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක තමයි දෙවැනි ලියවිල්ල. ඉලක්ක සම්පූර්ණ කරන දින වකවානු සහිතව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම අපි සාධනීය ලෙස දකිනවා.

නමුත් ඒවා ඉටුකරගන්න නම් ජනතාවට සටන් කරන්න සිදුවෙනවා. ඒ වගේම බලය තහවුරු කරගන්න ක‍්‍රියාමාර්ග වලට හදිසි වුණාට මේ වැඩපිළිවෙළේ අනෙක් දේවල් ඉක්මනින් ඉටුකරගන්න නම් ජනතාවගේ පැත්තෙන් තෙරපුමක් අවශ්‍යයි. උදාහරණයක් විදියට දින 100 වැඩපිළිවෙළට අනුව ජනාධිපතිවරයා දිවුරුම්දෙන්න නියමිතව තිබුණේ ජනවාරි 10 දා. අගමැති දිවුරුම් දෙන්න නියමිතව තිබුණේ 11 දා. නමුත් ඒ දෙකම සැලසුම් කළාටත් කලින් 09 හවසම කළා. ඒකට කමක් නෑ. නමුත් ඉතිරි ඒවාටත් ඒ හදිස්සිය තිබෙනවාද? 12 දා ව්‍යවස්ථා සංශෝධනයට අදාළව උපදේශක සභාව පත්කරන බව කීවත් තවමත් එය සිදුකර නෑ. 20දා පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා පක්කරන බව කියනවා ඒකත් ප‍්‍රමාද වන ලකුණු තියෙනවා.

මේවා ඉක්මනින් ඉටුකරගන්න වගේම අංග සම්පූර්ණ කරගන්නත් අරගලයක් තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය ගත්තත් එය මේ ව්‍යවස්ථාවම පැලැස්තර අලවනවා වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින නව ව්‍යවස්ථාවක් සඳහා ජනතාව අරගල කළ යුතුයි. ව්‍යවස්ථාව සකස් කරන මණ්ඩලයට සැබෑ ජනතා නියෝජනයක් ගන්න ජනතාව අරගල කළ යුතුයි. අනෙක් අතට කවර හෝ ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ හා සම්මත කළ යුත්තේ ජනතාවගේ කැමැත්තෙන්. ඒ සඳහා ජනමත විචාරණයක් නොපවත්වා, පාර්ලිමේතුව තුළම සම්මත් කරන බවයි දින 100යේ වැඩපිළිවෙළේ තිබෙන්නේ. ජනතාව මැදිහත් නොවුණොත් පාර්ලිමේන්තුවේ කමිටුවකින් ව්‍යවස්ථා සංශෝධන හදලා පාර්ලිමේන්තුව තුළම ඒක සම්මත කරගනීවි.”

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us