සතොසේ දුෂණ හොයන්න කමිටුවක්

Published in පුවත්
Sunday, 18 January 2015 08:37

ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පවසන්නේ සිය අමාත්‍යංශයට අයත් ආයතනවල සිදුව ඇති වංචා දුෂණ රැසක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ප‍්‍රමිතියෙන් තොර සහල් තොගයක් මෙරටට ආනයනය කිරීම ඇතුළු තවත් ගනුදෙනු කිහිපයක දී සිදුවු අක‍්‍රමිකතාවක් පිළිබඳ ඊයේ (17)පැවති ආහාර දෙපාර්තමේන්තුවේ සමාලෝචන රැස්වීමේ දී තොරතුරු අනාවරණ වු බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ පිළිබඳ ලිඛිතව කරුණු දක්වන ලෙස තමන් අදාල නිලධාරීන්ට නියෝග කළ බවත් දුෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරන බවත් ගාමිණී ජයවික‍්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බංගලාදේශයේ සිට ඉතා බාල තත්වයේ සහල් කිලෝ මෙට්ට්‍රික් ටොන් 23000ක් ලංකා සතොසෙන් ආනයනය කර අැත. ෙතාරතුරු අනාවරණය වූ පරිදි මෙය දැනට මාස 04කට පෙර අානයනය කර අැත.

වේයන්ගොඩ නගරයට ආසන්න ගබඩාවල ඒම සහල් ගබඩා කර අත. 23000ම ගුල්ලන් නිසා විනාශයට පත්ව අැත. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය

''මේ වගේ තව ස්ථාන කිහිපයක් තිබෙනවා. අහාර දෙපාර්තමේන්තුවෙන් හා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවිට පැවසුවේ මේක අපි ගෙනාපු දෙයක් නොවේ ලංකා සතොස මගින් ගෙන ආ බවයි. මම ඒවා ගෙනාපු විදිහ අහනකොට පැහැදිලි උත්තරයක් ලැබුනේ නැහැ. මට ඒ පිළිබද විස්තරයක් සදුදා උදේ වෙනකොට අවශ්‍ය බව පැවසුවා''

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us