පක්ෂ මාරුව තහනම්; ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ තහනම්; ජවිපෙන් යෝජනා දෙකක්

Published in පුවත්
Saturday, 17 January 2015 22:57

රජයේ දින 100 වැඩසටහන යටතේ යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා පත් කර ඇති ජාතික විධායක සභාවට තවත් යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කරන අවස්ථාවේදී මන්ත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කිරීම, ද්විත්ව පුරවැසිභාවය ලද අයෙකුට මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමේ ඉඩ ඇහිරීම යන යෝජනා විධායක සභාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.


පුළුල් සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පසුගිය 15 වන දා මෙම ජාතික විධායක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළමු වරට රැස්වුණා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් යන සාමාජිකයින් මෙම ජාතික සභාව නියෝජනය කරනු ලබයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us