මහින්දගේ නිල ඡායාරූප ශිල්පියා ඉඩම් අල්ලූ හැටි

Published in පුවත්
Saturday, 17 January 2015 21:53

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා තලවතුගොඩ බටදෙනිය ප්‍රදේශයේ ඉඩමක් බලය යොදවා අත්පත්කර ගැනීමට කටයුතු කළ බව අනාවරණය වේ.


මෙය 1996 සිට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින්නක් වන අතර එම අධිකාරිය විසින් කුඹුරු ඉඩමක් ගොඩකිරීමෙන් ඉඩම සකසා ඇත. අඳගොවි පවුලක් 1950 පමණ සිට එම කුඹුර අකණ්ඩව වගාකර ඇති අතර ඒ සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධ අධිකාරියට අක්කර බදු ගෙවා ඇත.


මෙසේ තිබියදී සුදත් සිල්වා මහතා එම ඉඩමට මැදිහත් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 250/2012 යටතේ නඩුවක් පවරා ඇති අතර එය මේ වනවිට විභාගවෙමින් පවතී. ජනාධිපතිවරණය පැවැත්වෙමින් තිබියදී දෙසැම්බර් මස 12වන දින ආසන්නයේ නැවත බැකෝ යන්ත්‍ර යොදාගනිමින් අධිකරණ නියෝගද නොතකා ඉඩම අත්පත්කරගැනීමට කිසියම් පිරිසක් උත්සාහ දරා ඇති බවද හෙළි වේ.

සුදත් ද සිල්වා මෛත්‍රීපාල සිරිසේන මහතාගේද ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරමින් සිටින බව  දැනගන්නට ලැබී ඇති අතර ජනාධිපතිවරනයට පෙර  දිනක සුදත්ද සිල්වා මහතා මෛත්‍රීපල සිරිසේන මහතාට සහය දක්වන බව වෙබ් අඩවියක් විසින් හෙළි කළ අවස්ථාවේදී ඔහු ඒ ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ සහය ලැබෙන්නේ මහින්ද රජපක්ෂට බව කීවේය.

 

 

sudath-silva-2sudath-silva-3sudath-silva-4

Last modified on Saturday, 17 January 2015 22:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us