මංගල, ජනපතිගේ විශේෂ පණිවිඩයක් ‍රැගෙන ඉන්දියාවට යයි

Published in පුවත්
Saturday, 17 January 2015 20:49

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සිය පළමු නිළ සංචාරය ලෙස අද (17) රාත‍්‍රියේ ඉන්දියාව බලා පිටත් ගියේය.

ඉන්දීය රජයෙන් ලැබුණු නිළ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙම සංචාරය සිදුකරන බව විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ පණිවිඩයක් විදේශ ඇමැතිවරයා විසින් ‍රැගෙන ගිය බවත් වාර්තාවේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලබන සඳුදා විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනු ඇති බවය. මීට අමතරව ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ ද ද්වි පාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡා හෙට දිනයේ ආරම්භවීමට නියමිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සදහන් කළේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඉන්දියාව සමඟ වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා  දුර්වලව පැවැති අතර  මෙම සංචාරයේ අරමුණ ඒ නැවත ශක්තිමත් කර ගැනීම බවද විදේශ අමාත්‍යාංශ අරංචි මාර්ග පවසයි. මේ අතර, විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයත් සමඟ මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 15 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර තිබේ. 

 

Last modified on Saturday, 17 January 2015 21:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us