එහිදී දිසානායක මහතාගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.
ප්‍ර - ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කොට තිබෙන දින 100 වැඩසටහනට ජනතා විමුක්‌ති පෙරමුණ සහාය දෙන්නේ කොහොමද?
පි - මේ දින 100 වැඩසටහනෙන් කරන්නට පුළුවන් සීමිත කාර්යභාරයක් පමණයි. ඒ ගැන විශාල සිහින ලෝකවලට යා යුතු නැහැ. අවම වශයෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා වූ නීතිමය ක්‍රියාමාර්ග ශක්‌තිමත් කිරීමට දැන් අවස්‌ථාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ව්‍යවස්‌ථාවේ සංශෝධන, නීතියේ සංශෝධන සිදු කිරීම සහ වංචා දූෂණ පිළිබඳ ශක්‌තිමත් ආයතන පද්ධතියක් පිහිටුවීම මේ අවස්‌ථාවේ ප්‍රධාන කාර්යයක් බවට පත් වී තිබෙනවා. ජනතාව වෙනුවෙන් ඒ දේ ඉටුකර දීම අපේ වගකීමක්. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපටත් වගකීමක් තිබෙනවා ඒවා ඉටුකිරීමට. අපි විශ්වාස කරනවා දින 100 තුළ මේවා ඉටුකරන්නට පුළුවන් වේය කියල.
ප්‍ර - දින 100 කින් මේ සියල්ල කළ හැකිද?
පි - අපි උත්සාහ දැරිය යුතුයි. මේවා නිශ්චිත කාලසීමාවක් තුළ නිම කළ හැකිදැයි වාද විවාදත් මතු වී තිබෙනවා. නමුත් අපි උත්සාහ කරන්න ඕන මේ ටික නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට. අපි මේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අපි සෑම උත්සාහයක්‌ම දරනවා.
ප්‍ර - ජනතා විමුක්‌ති පෙරමුණ මේ වැඩසටහනට සම්පූර්ණ සහාය දෙනවාද?
පි - අපි ආණ්‌ඩුවට ඇතුළත් නොවුණාට මොකද අපි ආණ්‌ඩුවේ කොටස්‌කරුවෙක් නොවෙයි. අපි ආණ්‌ඩුවේ කැබිනට් මණ්‌ඩලයේ සාමාජිකයනුත් නොවෙයි. මොකද මේ දින 100 ට කැබිනට් මණ්‌ඩලයට යන එකත් විහිළුවක්. මොකද කෘෂිකර්ම අමාත්‍යවරයාට මේ කාලය තුළ එක වගා කන්නයක්‌වත් නැහැ. අධ්‍යාපන ඇමැතිවරයාට එක පාසල් වාරයක්‌වත් ලැබෙන්නේ නැහැ. නිවාස අමාත්‍යවරයාට ෆවුන්ඩේෂන් එකක්‌වත් මේ කාලය තුළ දාන්න බැහැ. මහා මාර්ග හා ඉදිකිරීම් අමාත්‍යවරුන්ට ටෙන්ඩරයක්‌වත් කැඳවන්නට වෙලාවක් ලැබෙන්නේ නැහැ මේ දින 100 තුළ. දින 100 කියන්නේ ඉතා කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළ අමාත්‍ය මණ්‌ඩලයට විශාල කාර්යභාරයක් කරන්නට බැහැ.
ප්‍ර - ව්‍යවස්‌ථා සංශෝධන කරන්න යන්නේ කොහොමද?
පි - ඒ සඳහා අපි යෝජනා කර තිබෙනවා ජාතික විධායක සභාවක්. අපි ඒ ජාතික විධායක සභාව නියෝජනය කරනවා. ප්‍රජාතාන්ත්‍රික කරුණු ඉටුකර ගැනීම වෙනුවෙන්.
ප්‍ර - ජාතික විධායක සභාවෙන් අදහස් කරන්නේ කුමක්‌ද? මොකක්‌ද ඒකෙන් සිදුවන කාර්යභාරය?
පි - ඒ මගින් තමයි ව්‍යවස්‌ථාවේ ප්‍රතිසංස්‌කරණ, නීතිමය ප්‍රතිසංස්‌කරණ, ආයතන ව්‍යqහය ශක්‌තිමත් කිරීම ආදිය සිදුකරන්නට යන්නේ.
ප්‍ර - මේ ජාතික විධායක සභාවේ සාමාජිකයන් කවුද?
පි - ජනාධිපතිවරයා, අගමැතිවරයා, මේ ක්‍රියාවලියට සම්බන්ධ දේශපාලන පක්‍ෂවල නායකයන් මේ ජාතික විධායක සභාවට ඇතුළත් වෙනවා.
ප්‍ර - ජනතා විමුක්‌ති පෙරමුණ පසුගිය සතියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කළා. මීට කලින් වතාවලත් මේ වගේ පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. ඒවාට වෙච්ච දෙයක් නැහැ. මේ වතාවෙත් එහෙම වෙයිද?
පි - අපි දන්නවා මීට පෙරත් ආණ්‌ඩු වට්‌ටනකොට අල්ලස, දූෂණ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රධාන මාතෘකා බවට පත් වී තිබුණා. 1994 දී ඊට පෙර අවුරුදු 17 ක් පැවති එක්‌සත් ජාතික පක්‍ෂ පාලනයටත්, වංචා දූෂණ පිළිබඳ විශාල චෝදනා එල්ල වුණා. චJද්‍රිකා කුමාරතුංග මැතිනිය 94 දි වේදිකාවලදි කිව්වා මේ හොරුන් ගෝල්පේස් පිට්‌ටනියට ගෙනැල්ල හම ගහනවා කියලා. නමුත් අපි බලාගෙන හිටියා ඇගේ පාලන කාලයේදී එවැන්නක් සිදුවුණේ නැහැ.
මෙවර ජනාධිපතිවරණ වේදිකාවලදීත් වංචා හා දූෂණ පිළිබඳ විශාල මතයක් ගොඩනැගුණා. රජයේ ඉහළම වගකීම් දරන කණ්‌ඩායම් සහ 'පවුලක්' මේවාට සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. අපි අපේ පාර්ශවයෙන් පැමිණිලි ඉදිරිපත් කරල තිබෙනවා. අපේ අරමුණ තමයි මහජන මුදල් සොරකම් කර තිබීම පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ග ගැනීම. ඒක ජනතාවගේ අපේක්‍ෂාවයි. මේක කෙනකුගේ මුදලක් තව කෙනෙක් සොරකම් කිරීමක් නොවෙයි. මහජනයාගේ මුදල් කෝටි ගණන් වංචා කර තිබෙන්නේ. මේවාට දඬුවම් ලබාදිය යුතුයි. මහජනතාවගේ මේ පොදු අපේක්‍ෂාවන් ඉටුකිරීම සඳහා අපි අපේ පාර්ශවයෙන් උපරිම බලපෑම් කරන්න සූදානම්.
ප්‍ර - මීට පෙරත් පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනකුට විරුද්ධව අයථා වත්කම් උපයා ගැනීම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි ලැබී තිබුණා. ඒවාට වෙච්ච දෙයක් කවුරුවත් දන්නේ නැහැ නේද?
පි - ඔව්. මේ ආයතන ක්‍රියාත්මක වුණේම ඒ ඒ මොහොතේදී පාලකයන්ට එම චෝදනා ලැබූ තමන්ගේ කණ්‌ඩායම් හා පුද්ගලයන් මෙල්ලකර ගැනීම සඳහා ආයුධයක් කර ගැනීමට පමණයි. වංචා දූෂණ පරීක්‍ෂණවලට ලක්‌වූවන් තමන්ට යටත් වෙනවා නම් ඒ පරීක්‍ෂණ යට යනවා. මෙල්ල නොවන්නේ නම් පරීක්‍ෂණ දිගටම පැවැත්වෙනවා. ඒ පිළිබඳ ලිපිගොනු තබා ගන්නවා. ෆයිල් තියනවා කියා තර්ජනය කරන්නේ ඒවා යොදාගෙනයි. අපි උත්සාහ කරන්නේ ඒ සංස්‌කෘතිය වෙනස් කිරීමටයි. මහජන මුදල් සොරකම් කළ අයට දඬුවම් ලබාදීමට අපි උපරිමයෙන් උත්සාහ කරනවා. මහජනතාවටත් මාධ්‍යවේදීන් වන ඔබටත්, දේශපාලනඥයන් වන අපිටත් මේ කාර්යභාරය පැවරී තිබෙනවා. මේ මොහොතේ මේවාට දඬුවම් ලබා නුදුන්නොත් මේ ගොඩනැගෙන ආණ්‌ඩුවත් ඒ වංචා දූෂණවලට ගොදුරුවේවි. මෙසේ දඬුවම් දුන් විට මේ ආණ්‌ඩුවේ අයත් සොරකම් කිරීමට බය වෙනවා. ඒ නිසා අපේ පාර්ශවයෙන් අපි මේ පිළිබඳව තදින්ම ක්‍රියාත්මක වෙනවා.
ප්‍ර - පසුගිය ජනාධිපතිවරණ සමයේ යහපාලනය ගැන ඉහළින්ම කතා කළා. මේ ආණ්‌ඩුව යටතේ යහපාලනය නියම විධියට ක්‍රියාත්මක කළ හැකි වේවිද?
පි - ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම, වංචාව, දූෂණය, නීතියේ කඩාවැටීම පුද්ගලයකුගේ ප්‍රශ්නයක්‌ම නොවෙයි. ඒ අර්බුදය රාජපක්‍ෂත් රාජපක්‍ෂගේ පවුලත් එම තත්ත්වය තීව්‍ර කරපු එක ඇත්ත. හැබැයි මෙය රාජපක්‍ෂ හෝ රාජපක්‍ෂ පවුලේ ප්‍රශ්නයක් නොවෙයි. මේ අර්බුදකාරී සමාජ ආර්ථික ප්‍රතිපත්ති නිසා දේශපාලනය ව්‍යාපාර බවට පත්කර ගත්තු, බිස්‌නස් බවට පත්කර ගත්තු සංස්‌කෘතියක් බිහි වී තිබෙනවා. මේ සංස්‌කෘතිය මුළුමනින්ම මුදාහැරීමෙන් තොරව යහපාලනයක් ඇති කළ හැකි යයි අප විශ්වාස කරන්නේ නැහැ. දැනට තාවකාලික ප්‍රතිසංස්‌කරණ ටිකක් සිදු කළ හැකියි. අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ඇති කරන්නට නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නට පුළුල් ප්‍රතිසංස්‌කරණ අවශ්‍යයි. අපි හිතන්නේ නැහැ මේ කටයුතු පහසුවෙන් කළ හැකිය කියා.
ප්‍ර - විවිධ දූෂණ චෝදනා තිබෙන අයත් දැන් ආණ්‌ඩුවට එකතු වී සිටිනවා නේද?
පි - ඔව්. අපි මුල සිටම කිව්වා රාජපක්‍ෂ පාලනය, රාජපක්‍ෂ පවුල පලවාහැරිය යුතුයි කියා. නමුත් ඒ සඳහා ගොඩනැගෙන පාලනයට අපිට සහතිකයක් ලබාදෙන්න බැහැ කියන්නේ ඔන්න ඔය කරුණු නිසා තමයි. නමුත් දැන් සිදුවේගෙන යන දේවලින් අප කී දේ තහවුරු වෙමින් තිබෙනවා. මීට පෙර මහින්ද රාජපක්‍ෂ පාලනයට සහාය දීම දේශප්‍රේමය ලෙසත් ඔවුන්ට සහාය නොදීම දේශෙද්‍රdaහී ක්‍රියාවක් ලෙසත් අර්ථකථනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා කෙනෙක් දේශප්‍රේමී ද දේශෙද්‍රdaහි ද කියා තීරණය වුණේ රාජපක්‍ෂට තිබූ පක්‍ෂපාතිත්වය අනුවයි. ඒ වගේම නිර්ණායකයක් බවට පත් විය යුතු නැහැ මෛත්‍රීට සහාය දීම හෝ නොදීම. අපට මෛත්‍රීට සහාය දීම හෝ සහාය නොදීම මත හොරෙක් වීම හෝ හොරෙක් නොවීම සිදුවිය යුතු නැහැ. කවර තරාතිරමක අයකු වුවත් අපි අපේ පැත්තෙන් ජනතාවට යුතුකම් ඉටුකිරීමට බලාපොරොත්තු වෙනවා.
ප්‍ර - අලුත් ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය පත්කොට ඇති ආකාරය ඔබ කොහොමද දකින්නේ?
පි - තාම ඇමැති මණ්‌ඩලය පත්කොට අවසාන වී නැහැ. මීට පෙර ජනාධිපතිවරණය අවසන් වූ වහාම මහ මැතිවරණයක් පැවැත්වුණා. නමුත් මෙවර දින 100 කින් පසුව තමයි මහ මැතිවරණයක් එන්නේ. ඒ දින 100 ට පැවරී තිබෙන කාර්යභාරය තමයි. ජනාධිපතිවරණයේ සිට මහ මැතිවරණය දක්‌වාවූ කාලපරිච්ඡේදය තුළ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්‌කරණ ටිකක් සිදුකිරීම. ඇත්තටම මේක භාරකාර පාලනයක්. ඉතින් ඒ දින 100 ආණ්‌ඩුවේ අමාත්‍ය ධුරයකට පොරබදන විධිය. එය ලබාගැනීම සඳහා දරන ප්‍රයත්නය දෙස බලන විට අප්‍රසන්නතාවයක් ඇතිවෙන එක වළක්‌වන්න බැහැ.
ප්‍ර - සමහර අමාත්‍යංශ සඳහා පත් කොට ඇති අයගේ සුදුසුකම් පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා නේද?
පි - ඔව්. මේ දේශපාලනය අද අපේ රටේ මේ ක්‍රමය යටතේ ඒ ඒ විෂය පිළිබඳ දැනුම තිබෙන, අමාත්‍යංශ මෙහෙයවීමට හැකියාව තිබෙන අයටම නෙවෙයි ඇමැති ධුර ලැබී තිබෙන්නේ. අපි දැක්‌කා පසුගිය කාලය පුරාම එකිනෙකා සතුටු කරන අන්දමට ඇමැති පදවි බෙදා දී තිබූ අන්දම. නමුත් මේ දින 100 තුළ වැඩ කිරීම කෙසේ වෙතත් අමාත්‍යවරයාට නම් වරදාන රැසක් ලැබෙනවා. වාහන, නිල නිවාස, තෙල් ටික, කාර්යමණ්‌ඩලයක් ආදිය ලැබෙනවා. ඒ ඇරුණාම මේ දින 100 තුළ අමාත්‍යවරයාට වැඩක් කරන්න නම් ලැබෙන එකක් නැහැ.
ප්‍ර - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ මේ දිනවල ඇති වී තිබෙන අර්බුදය ඔබ දකින්නේ කොහොමද?
පි - අපේ රටේ ජනතාවට මේ රටේ දේශපාලනයේදී මේ රටේ දේශපාලන පක්‍ෂවල තත්ත්වය මොන තරම්ද කියල මැන ගන්නට පුළුවන්. රාජපක්‍ෂ ජනාධිපති ධුරය හොබවන විට ඔහුට වැඳවැටුණු, ඔහුට රාජ්‍යත්වය ආරෝපණය කළ, ඔහු ඉදිරිපිට දනින් වැටී වන්දිභට්‌ටකම් කළ පිරිස් ඔහු පරාජය වූ පසු ඔහු මළකඳක් බව ප්‍රකාශ කළා. එතකොට මේ හැම කෙනාම බලය කොතැන ද එතනට වැඳ නමස්‌කාර කරන තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපි දැක්‌කා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයේ සිටින විට ඇය වටා සිටිමින් ඇයට ප්‍රශස්‌ති ගීත ගායනා කළ උදවිය. ඇය බලයෙන් ගිලිහී ගිය පසු රාජපක්‍ෂ වටා රොක්‌වී ඔහුට ප්‍රශස්‌ති ගී ගායනා කරන්නට පටන්ගත් අන්දම. අද ඒ පිරිසම යළි මෛත්‍රීපාල වටා ඒකරාශි වෙමින් ඒ සඳහා සූදානම් වෙනවා. මේක තමයි මේ රටේ තිබෙන දේශපාලන සංස්‌කෘතිය කඩාවැටී තිබෙන බවට හොඳම සාධකය.
ප්‍ර - 1977 මැතිවරණයේදී සිදුවූවාට පසු පශ්චාත් මැතිවරණ ක්‍රියා 1994 සිට නතර වී තිබුණා. නමුත් මෙවර ජනාධිපතිවරණයෙන් පසු නැවතත් එවැනි සිද්ධීන් රාශියක් වාර්තා වී තිබෙනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?
පි - විශේෂයෙන් සමහර තැන්වල අනික් අයගේ දේපළ කොල්ලකෑම්, ඉඩම් අත්පත් කර ගැනීම්, පහර දීම් ආදිය සිදුවී තිබෙනවා. මෙය කිසිසේත්ම හොඳ තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. අපේ රටේ ඕනෑම පුරවැසියකුට දේශපාලනය කිරීමට අයිතිය තිබෙනවා. දේශපාලනය කිරීම නිසා යම් දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරිකයකුට පහරදීම හෝ පහර කෑමකට ලක්‌වීම සිදුවිය යුතු නෑ. වහාම මේ තත්ත්වය වෙනස් කළ යුතු යෑයි අපි කියනවා.
ප්‍ර - ජනතා විමුක්‌ති පෙරමුණ ජනාධිපතිවරණ අවස්‌ථාවේ ප්‍රකාශ කළා ජනවාරි 8 දායින් පසු ජනතාව පෙළගස්‌වනවාය කියා. ඒ කුමකටද? දැන් මොකක්‌ද ඒ ගැන වෙලා තියෙන්නේ.?
පි - ජනතාව දැනුවත් කළ යුතුවෙනවා. ඒ සඳහා අපි රැස්‌වීම් මාලාවක් සූදානම් කරල තිබෙනවා. ඒ වගේම මේ ප්‍රතිසංස්‌කරණවලින් ඔබ්බට ගොස් පුළුල් සමාජ පරිවර්තනයක් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍ර - ජනාධිපතිවරණ සමයේ හා ඉන් පසු මේ රටේ මාධ්‍යවල හැසිරීම ගැන ඔබ මොකද කියන්නේ? සමහර රූපවාහිනි නාලිකා ඔවුන්ගේ දේශපාලන සංවාද වැඩසටහන් සඳහා ජ.වි.පෙ. ගෙන්වූවේ නැහැ.
පි - ඒක ඒ මාධ්‍ය ආයතනවලම වැරැද්ද නෙවෙයි. රාජපක්‍ෂ පාලනය විසින් මේ මාධ්‍යවලට විශාල බලපෑමක් එල්ල කොට තිබුණා. ඇතැම් මාධ්‍යවේදීන් එදා දුරකථනයෙන් වත් කියන්නට බිය වූ දේවල් අද කියන්නට පටන් අරන් තිබෙනවා. වෙනදා ලිව්වාට වඩා නිදහසේ අද ලියන්න පටන් අරන් තිබෙනවා. රාජපක්‍ෂ පාලනය බිඳවැටීම නිසා යම් තරමකින් මාධ්‍යවේදියාටත් මාධ්‍යවලටත් නිදහසක් ලැබී තිබෙනවා.
ප්‍ර - රාජ්‍ය මාධ්‍ය පසුගිය කාලයේ හැසුරුන අන්දම ගැන ඔබේ අදහස?
පි - රාජ්‍ය මාධ්‍ය ඒ කාලයේ රාජපක්‍ෂ පාලනයේ අත්අඩංගුවට පත් වී තිබුණා. රාජපක්‍ෂලා තමන් පිළිබඳ වර්ණනා කර ගැනීමටත්, තමන්ට අකමැති අයට පහර ගැසීමටත් රාජ්‍ය මාධ්‍ය යොදාගෙන තිබුණා. මේ තත්ත්වය නැති කළ යුතුයි. ඒත් ඒ තත්ත්වය තාමත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නැහැ. රාජ්‍ය මාධ්‍යවලට විශාල වගකීමක් තිබෙනවා ඒ වගකීම අනුව ඔවුන් කටයුතු කළ යුතුයි. එසේ නැතිව බලයට පත්වන කණ්‌ඩායමට ප්‍රශස්‌ති ගී ගැයීම නොවෙයි කළ යුතුව තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය තුළින් 'බුලත් කොළය' වෙනුවට 'හංසයා' පෙන්වීම හොඳ දෙයක් නොවෙයි.
හැම ආණ්‌ඩුවක්‌ම බලයට පත් වූ අලුත මාධ්‍ය නිදහස දෙන බව කියනවා. ඒත් ටික කලක් යන විට තමන් ජනතාවට ලබාදී ඇති පොරොන්දු ඉටුකරන්නට නොහැකි වූ විට, තමන් ජනතාවගෙන් ඈත් වන විට, තමන් වටා කල්ලියක් ගොඩනැගෙන විට ඔවුන්ට එවැනි දේ මාධ්‍යවලින් වාර්තා වීම නතර කිරීමට අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් ඇත්ත දේට වඩා වෙන දෙයක් මාධ්‍ය ලවා ලියවන්න උත්සාහ කරනවා. එහෙත් අපේ රටේ මාධ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් තිබීම, මාධ්‍යවේදීන් විශාල පිරිසක් සිටීම නිසා මේ තත්ත්වයත් යම් ප්‍රමාණයකින් වෙනස් කිරීමේ හැකියාව මාධ්‍යවලට තිබෙනවා.
සාකච්ඡා කළේ දයා ලංකාපුර
- "දිවයින" ඉරිදා සංග්‍රහය