මහින්දට දැන් මුක්තිය නෑ. ඔහුව අධිකරණය හමුවට ගෙනවා - අධිකරණ ඇමැති

Wednesday, 21 January 2015 19:40

රටේ දේශපාලනය යම් මට්ටමකින් තීරණාත්මක මොහොතකට එලඹ ඇත. නව ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ දින සියයෙන් දින 14 ක් ගෙවී ගොසිණි. ජනතාව බලා සිටින්නේ යහ පාලනයක් වෙනුවෙන් ආණ්ඩුවේ පියවර කවර දිසාවකට යන්නය. ඒ අතර නීති විශාරදයෙකු වන නව ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපෂ මහතා සමග දින සියයේ නව වැඩපිළිවල සම්බන්ධයෙන් අප කල සංවාදය.

 

* අළුත් ආණ්ඩුව දින සියය ඇතුලත ඉටුකරනු ලබන බවට ජනතාවට දුන් පොරොන්දුවේ කරුණු ගනනාවක් තියනවා කොහෙමද මේ වැඩපිළිවල ක‍්‍රියාක්මක කරන්නේ?

මැතිවරණය එන්න කලින්ම සැලසුම් හදාගන තිබුණේ. විශේෂයෙන් අපි ජනතාවට දුන්නේ මූලික පොරොන්දු දෙකයි එකක් තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරලා යහ පාලනය ඇති කිරීම අනිත් කාරණය තමයි අධික බඩු මිල අඩු කරීම අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩුකරලා ජනතාවට සාධාරණ මිලකට දෙන්න කටයුතු කරනවා කියන එක. ආණ්ඩුව එම කාර්ය කරමින් පවතිනවා 29 වෙනිදට අපි ඊට අදාල අයවැය ඉදිරිපත් කරනවා. දින 100 වැඩ සටහනේ එම කාර්ය ඇරුණම අපේ අමාත්‍යංශය හරහායි අනෙක් සියල්ල කෙරෙන්න තියෙන්නේ ඒ අතරින් අපි දුන්න පලවෙනි පොරොන්දු 3 තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම 18 අහෝසි කිරීම කොමිෂන් සභා ස්ථාපිත කිරීම කියන කරුණු ඊට ඇතුලත්.

ඒ වගේම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ ක‍්‍රියාදාමය ආරම්භ කරනවා. ඒ වෙනස් කිරීමෙදි සියළු දෙනාගේ අදහස් සලකා බැලිය යුතු වෙනවා. මේ දෙවල් ක‍්‍රියාත්මක කිරීම සදහා තමයි ජනතාව අපිට චන්දේ දුන්නේ ඒ වගේම සාක්ෂි කරුවන් සුරුකීමේ පනත මොකද ජාත්‍යන්තරයේ මානව හිමිකම් චෝදනා එල්ල වෙන්න බලපාපු ප‍්‍රධාන කාරණයක් මේ තත්වය අවුරුදු 10 ක් මේ පනත හංගාගන හිටියා ස්වාධීන විගනන පනත හංගගන හිටියා. එක සකස් කරල දුන්නේ මම නීති කොමිසමේ ඉන්න කාලේ. තොරතුරු දැන ගැනීමේ පනත ඊට මතරව ඖෂධ ප‍්‍රතිපත්තිය ඒ ටිකත් අපි මේ දවස් 100 ට ඇතුළත් කරගන තියෙනවා. මේවා ඉටුකිරීමට කිසිම බාධාවක් නෑ රටට පොරොන්දු කඩලා කාටවත් එමෙහ කරන්නත් බෑ.

 

* දින 100 ක කාලය මේසදහා ප‍්‍රමාණවත් කියලා ඔබ විස්වාස කරනවද?

ඇතැම් දේට කාලය මදිවෙන්න පුළුවන් නමුත් රටට පොරොන්දුවූ මූලික කරණා දින 100 ඇතුලේ සම්පූර්ණ කළ යුතුයි. ඒ සදහා කාලය ප‍්‍රමාණවත් ඒ වගේම ඉටුකල යුතු අනෙක් කාරණා අපි අනිවාර්යෙන් ආරම්භ කරනවා.

 

*ඒ වගෙම පසුගිය කාලයේ නීතියේ ආධිපත්‍යය බිදවැටීම තුල රට තුල ඇතිවූ තත්වය එහෙම නැත්නම් රටතුල සිදුවූ දූෂණවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම පැහැදිළි කලොත්.

නෑ මේ සියල්ල අපි නැවත විමර්ශණය කරනවා. සමහර දේට නීති හදන්න ඕන නැහැ නීති තියනවා වුණේ දේශපාලන බලපෑම මත ඒ නීතිය ක‍්‍රියාත්මක නොවීමයි. එනිසා මේ සියල්ල ක‍්‍රියාත්මක කිරීම සදහා අපි 19 සංශෝධනයට ඇතුල් කරලා තියෙනවා මේ සදහා සම්බන්ධ වූ අයට නීතිමය පියවර ගන්නවා ඒ හරහා දඩුවම් කරනවා.

 

*දැන් පහුගිය ආණ්ඩවේ හිටපු මැති ඇමතිලා යහ පාලනය ඇති කරන්න සහය දෙනවා කියලා ආණ්ඩුවට එකතු වෙමින් ඉන්නවා. ඒ වගේම ඔවුන් වැඩි දෙනෙකුට චෝදනා තියන බව පැවසෙනවා ඔවුන්ට නීතිමය පියවර ගත්තොත් ගැටළු මතුවෙයි නේද?

නෑ නෑ. මේක මේ යාළුකමටවත් පක්ෂේ කමටවත් වෙන දේශපාලන හේතුවකටවත් විරුද්ධ පක්ෂ දේශපාලනයෙන් පලි ගන්නවත් කරණ දෙයක් නෙවෙයි මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම පිළිඹද ගැටලූවක් පුද්ගලයා කවුද කියන එකවත් පක්ෂෙ මොකද්ද කියන එකවත් වැදගත් නෑ වරදක් කලානම් දඪුවම් ලැබිය යුතුයි. රටක පාලකයන්ට එකකුයි ජනතාවට තව නිතියකුයි තියෙන්න බෑ එහෙම ආණ්ඩු තිබුණොත් ඉස්සරහට යන්නේත් නෑ ජනතාව පන්නලා දානව.

පක්ෂ මරු කරලා වැරදි වලින් බේරෙන්න බෑ මහින්දගේ ආණ්ඩුවේ එහෙම වුණා ජනතාව එයාව පැන්නුවේ ඒක නිසානේ.

යහපාලනය සදහා සහය දෙනවා කියන්නේ මේකයි. මේ දේශපාලන වෙනස් කමට කාටවත් විරුද්ධ වෙන්න බෑ එහෙම විරුද්ධ වෙන අයට දේශපාලන අනාගතයක් නෑ මොකද ජනතාව ඔවුන් ගැන තීරණයක් ගන්නවා එක ඔය කවුරුත් දන්නවා අනික වැරදි කරලා කාටවත් කියන්න බෑ නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා කියලා. හිටපු ජනාධිපති තමයි ඕක දේශපාලකයන්ට පුරුදු කලේ.

 

*නීතිපති දෙපාර්තුමේන්තුව හිටපු ජනාධිපතිතුමා යටතට ගත්තා තවදුරටත් ඒ විදිහටද ක‍්‍රියාක්මක වෙන්නේ?

නෑ ඒක ගැසට් වෙලා තියෙන්නේ අධිකරණ අමාත්‍යංශයට ඒක හිටපු ජනාධිපති යටතට ගත්තේ එතුමට ඕන දේවල් කරන්න නේ, නමුත් නීතිපති දෙපාර්තුමෙන්තුව අධිකරණ අමාත්‍යංශයටයි අයිති වෙන්නේ. අධිකරණ අමාත්‍යංශය කරන්නේ පහසුකම් දීම පමණයි දෙපාර්තුමේන්තුව ස්වාධීනව පවත්වාගන යනවා.

 

*මොකද්ද? හිටපු ජනාධිතිිවරයා එම දෙපාර්තුමෙන්තුව තමා යටතට ගැනීමෙන් බලාපොරොත්තු වුණේ.


එයා කලේ එයාට ඕන දේ කරගන්න පරිසරය හදාගත්ත එකනේ කීදෙනෙක් ආණ්ඩවට ආවද දූෂණ නඩ අපරාධ නඩු තියන අය. සල්ලි දීලා නඩුව පැත්තක දාලා කීදෙන්ව ගත්තද? මෙවා කියන්න ගියොත් නම් කීයක් තිනෙවද?

 

*මෙනිසාද නීති ක්ෂේත‍්‍රයේ අය හිටපු ජනාධිපතිවරයා සමග ගැටුණේ?

ඒකට හේතුව තමයි මේ රට හමුවේ තිනෙ නීතිය ක‍්‍රියාත්මක නෙකළ එක. දැක්කනේ අගවිනිසුරු වරියට කරපු හරිය එවැනි තත්වයන් නොවෙන්න වග බලා ගන්න කටයුතු කළ යුතුයි මේ සම්බන්ධ පනතක් කලින් අපි ගෙනාවා. නමුත් මහින්දගේ ආණ්ඩව ඉතිහාසයේ පලවෙනි වතාවට පනත බාරගන්නවාද නැද්ද කියලා චන්දෙකට ගිහිල්ලා පණත ප‍්‍රතික්ෂේප කලා එක නැවත ගේනවා නමුත් එක දින 100 වැඩපිළිවල ඇතුලේ නෑ. අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ඒක ගේනවා.

 

*ඒ කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශොධනය හා බැදෙන කාරණයක්ද?

නෑ. ඊලග ආණ්ඩව පිහිටෙවුවට පස්සේ මේ තියන ආණ්ඩු ක‍්‍රම ව්‍යයස්ථාව වෙනස් කරලා අළුත් එකක් ගේනවා. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හිතුවක්කාර විදිහට හදන්න බෑ එහෙම වුනෙත් අසාර්ථක වෙනවා. එක නිසා තමයි 72, 78 යි අසාර්ථක වුණේ. ඒක කල යුත්තේ ජනතාව සමග සංවාදයක් කරලා එය ඊට අවම වශයෙන් අවුරුදු 2 ක් විතර යනවා.

 

* 78 ට අනුව ගත්තොත් මොනවද අළුත් ව්‍යවස්ථාවකින් බලාපොරොත්තු වෙන්නෙ?

දැන් ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදි කිවුවට රට ප‍්‍රජාතන්ත‍්‍රවාදීද නැහැනේ. මොකද බලය ලැබුණම ඒක ඒකාධිපතියි. ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය කියලා කි‍්‍රියාත්මක වුනේ ඒකාධිපති ක‍්‍රමය නේද? අන්න එහෙම වෙන්න බැරි විදිහට 78 සිද්ධාන්ත වලින් පිටවෙලා ලොකයේ දැනට ක‍්‍රියාත්මකවෙන සම්මතයන් මතයි එය ගොඩ නගන්නේ. නමුත් ආදර්ශ තෝරන්නේ නෑ. එය සැකසිය යුත්තේ රටට ගැලපෙන ලෙසයි. 78 වෙස්මිනිස්ටර් ක‍්‍රමයෙන් ඔබ්බට ගියා මොකද ඒක හැදුවට සුළු ජාතින්ට ඇහුම්කන් දුන්නේ නෑ එකෙන් පස්සේ තමයි ඔවුන් වඩුක්කෝඬේ ප‍්‍රකාශය කලේ දෙමල ජනතාවගේ ප‍්‍රශ්ණයට 78 ව්‍යවස්ථාව ඍජුවම පලපෑවා.

 

*පසුගිිය ආණ්ඩුවේ පද්ගලයන් වංචා දූෂණ විශාල ප‍්‍රමාණයක් තියෙනවා නේද මේ ආණ්ඩුවෙන් මෙයට පිළිතුරක් ජනතාව බලාපොරොත්තු වෙනවා, මොකද ඔබ මේ ගැන කියන්නේ?

දින 100 ඇතුලේ අපි වංචා දූෂණවලට එරෙහිව ක‍්‍රියාත්මක වීම ආරම්භ කරනවා. එම ක‍්‍රමවෙදයට අනුව තමයි අපි දින 100 වැඩපිළිවල හැදුවේ. අපි දුන්නේ සීමිත පොරොන්දු ප‍්‍රමාණයක් දුන්නේ මේකට ඕනම කෙනෙකුට එකග වෙන්න පුළුවන් විදිහටයි හැදුවේ ඒ සහතිකය දෙනවා. නමුත් ආණ්ඩුවේ බහුතරය හදා ගතයුතුව තිබෙනවා ලිදේ වැටුන මිනිහා ලිං කටින්මයි ගොඩ එන්න ඕන එනිසා අපි සහයෝගය ගන්නවා. එයාලට දේශපාලනයේ ඉන්න ඕනනම් මේකට සහයෝගය දෙන්න ඕන නැත්නම් ජනතාව පන්නාවි දේශපාලනයේ `රැදන්න ඕනනම් මේකට සහයොගය දිය යුතුයි මොකද ශී‍්‍රලංකා නායකයයි යූඑන්පී නාකයයි තමයි මේකට සහය දෙන්න කියන්නේ දේශපාලකයන් මේ කොටු කරගැනිල්ල පලවෙනි වතාවට කර ගත්තේ.

 

*මේ තියෙන්නේ සභාග ආණ්ඩුවක් කියලා ඔබ පිළිගන්නවද?

නෑ මෙය සභායක් නෙවෙයි. මේක සුලූතර ආණ්ඩුවක්. මෙකෙන් පස්සේ ජනතාවට තීරණය කරන්න පුළුවන් තමන් ගන්න තීරණය මොකද්ද කියලා කියන්න. එතකොට ජනාධිපති මේකට පැටලෙන්නේ නෑ මොකද සංශෝධනයෙන් පස්සේ එතුමා ස්වාධීන වී අවසන්. අපි හැමෝම මේක හදලා ජනතාවට පෙන්වලා ඔවුන් දෙන තීරණය බාර ගන්නවා. එතරම්ම දේශපාලන විවෘත භාවයකින් මේක කරන්නේ. අද රටට අවශ්‍ය එහෙම ක‍්‍රමයක්.

 

*ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ කියවුණා හිටපු අගවිනිසුරු තුමියට සාධාරණය ඉටු කරන බව නැවත ඇය එම තනතුරට පත්කරනවාද?

ඉල්ලීම් තියෙනවා. නමුත් ඒක අවාට ගියාට කරන්න බෑ පක්ෂ එක්ක සංවිධාන එක්ක සාකච්ඡුා කළ යුතුයි පත් කිරීමේදී ක‍්‍රමවේදයන් තියනවා. නීති ප‍්‍රශ්ණ තියනවා රටට වගකිව යුතුයි මොහාන් පීරිස් අග විනිසුරු තනතුරට පත් කිරීම වරදියි. කිවුවෙත් එතකොට එයා ඉදලා තියෙන්නේ නීති විරෝධීවයි එහෙනම් මෙතෙක් එයා දුන්න නඩු තින්දුත් නීති විරෝධියි. කවුද ජනතාවට වගකියන්නේ ඔය පරාජය වෙච්ච නඩු වලට ආපහු පෙත්සම් දමාවි කවුද ඒවට උත්තර දෙන්නේ අවසානයේ කාටවත් මේවට උත්තර දෙන්න බෑ එකක් විසදන්න ගිහිං තව ප‍්‍රශ්ණ සීයක් හදාගන්නද? නමුත් ඇයට සාධාරණය ඉටු විය යුතුයි.

මමයි ඔය ප‍්‍රශ්නෙට කතා කලේ මම එතකොට නීතීඥ සංගමයේ සභාපති මගේ ගෙදරටත් වෙඩි තිබ්බා අපි ශිරාණි බන්ඩාරනායකට පැහැදිලිව කිවුවා අපි එයා වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. තනතුර වෙනුවෙන් පෙනී ඉන්නවා. එයා තනතුරෙන් අස්කරනවට අපේ විරෝධතාවයකුත් නෑ කියල. හැබැයි ආණ්ඩුවට අපි කිවුවා රටේ මිනීමරුවෙකුට තියන අයිතිය එයාට දෙන්න කියලා. නඩුවක් තීරණය කරන්න ඕන නඩුකාරයො මිසක අට පාස් අය නෙවෙයිනේ. මහින්දට මොළේ තිබුණනම් සාධාරණ වනිස්චය මන්ඩලයක් දාලා තී්න්දුව දුන්නනම් අපි ඒක පිළි ගන්නවා.

 

*පහුගිය කාලය තුල විශාල වශයෙන් මිනිස් ඝාතන වුණා. මාධ්‍යවෙදීන් පැහැර ගැනුණ ඝාකනය වුණා. මේ පිළිඹද කුමණ පියවරක්ද ඔබලාගේ ආණ්ඩුව ගනු ලබන්නේ?

අනිවර්යෙන්ම මේ යටපත්කල කරණු සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ කරනවා, කරලා චූදිතයන් අධිකරණය හමුවට ගේනවා. එක මේ රටේ ජනතාවට වුණ පොරොන්දුවක්.

 

*පොදු අපේක්ෂකයා දිනුවේ සුළු ජාතින්ගේ ඡන්ද වලින් කියලා චොදනාවක් එල්ල වුණා නේද?

සුළු ජාති ඡන්ද මහ ජාති ඡන්ද කියලා වෙනම වෙනම නෑ. චන්ද අයිතිය කාටත් සමානයි. මේ වෙලාවේ අපි අගය කරන්න ඕන දෙමල ජනතාව ගත්ත තීරණය. ටී. එන්. ඒ. එක දෙමල ජනතාවට කිවුවා අපිට ප‍්‍රශ් තියනවා උතුරට නැගෙනහිරට ආවේනික ප‍්‍රශ් තියනවා ඒවා විස`දගත යුතුයි. මේ මැතිවරණය තියන්නේ දෙමල ජනතාවගේ ප‍්‍රශ් විසදන්න නෙමේ මේක උතුරෙත් දකුණෙත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිඹද ප‍්‍රශ්ක්, එය විසදා ගැනීමට වැදගත්. මුළු රටේම ප‍්‍රශ්න විසදා ගැනීමටයි මේ මැතිවරණය එන්නේ මොකද සිංහල මිනිස්සුන්ටත් දෙමල මුස්ලිම් කාටත් යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි කියලා. එකක් කියන්න ඕන හිටපු ආණ්ඩුවේ අය අන්ත දූෂිත ප‍්‍රකාශයක් කලා. මෛත‍්‍රී දෙමල ඡන්ද අරගන දිනුවා කියලා කියන්නේ ඒක වරදියි. 2010 දී ඡන්ද ප‍්‍රතිශතයට වැඩි ප‍්‍රතිශතයක් මහින්ද කිලිනොච්චියෙන් මේ මැතිවරණයෙදී අරගන තියනවා. එහෙම පටු ජාතිවදී විදිහට බලනවානම් මහින්දටයි ඊලාම් ඡන්ද වැඩිවෙලා තියෙන්නෙ.

 

*කුමන්ත‍්‍රණයක් පිළිඹද චෝදනාවක් පැවති ආණ්ඩුවට එල්ල වෙලා තියෙනවා නමුත් ඔවුන් එය ප‍්‍රතික්ෂේප කරනවා මේ කුමන්ත‍්‍රණ චෝදනාව ඇත්තක්ද ?

සම්පුර්ණ ඇත්ත. පැවති ආණ්ඩුව කිවුවට කීපදෙනෙක් තමයි ඊට මැදිහත් වුණේ කුමන්ත‍්‍රණ තොරතුරු සතියකට කලින් අපි දැන ගත්තා. ඒක අරගන මැතිවරණ කොමසාරිස්ට බාර දුන්නා. මැතිවරණ කොමසාරිස් මේ සේරම බර කරට ගත්තා ඒ අරගන තමයි රටේ ඉරණම වෙනස් කෙරුවේ. එය ප‍්‍රසංසනීය කාර්යක් අරලිය ගහ මන්දිරයේ මැතිවරණය දා කෙරුනේ මේ කුමන්ත‍්‍රණයේ අවසාන කොටස.

 

*මේම කුමණ්ත‍්‍රණය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවද?

මෙතන හිටපු සියලූ දෙනාට විරුද්ධව පියවර ගන්නවා මහින්ද රාජපක්ෂත් එතන ඉදලා තියෙනවා දැන් ජනාධිපතිවරයාගේ මුක්තිය අවසන් 35 වගන්තිය යටතේ තිබ්බ රැකවරණය දැන් නෑ මම මුලිනුත් කිවුවේ වරදි කරලා තියෙනවනම් ඔහුවත් අනිවාර්යෙන්ම නීතිය හමුවට ගේනවා. යහ පාලනය සදහා රටකට මුලින්ම නීතියක් අවශ්‍යයි.

 


ධම්මික ප්‍රියදර්ශන

 

- lankaherald

Last modified on Wednesday, 21 January 2015 19:51

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us