ජනාධිපතිවරණය පැවැති දින රාත්‍රියේදී අරලිය ගහ මන්දිරයට පැමිණ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් සමඟ මැතිවරණ ප්‍රතිපළ නිකුත් නොකර තවදුරටත් රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයෙහි පිහිටුවා ගැනීම සඳහා දේශපාලන කුමන්ත්‍රණයක යෙදුන බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.
මෙහිදී නිතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවැසූවේ අගවිනිසුරුවරයා මෙදින එම අවස්ථාවට සහභාගී වූවාද නැද්ද යන්න ගැන ප්‍රකාශයක් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියද මේ දක්වා ඔහු නිහඬ ප්‍රතිපත්තියක අනුගමනය කරන බවය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ වන විට පරීක්ෂන ආරම්බ කර ඇති බවත් ඔහු පැවැසුවේය. මේ තත්වය මත අගවිනිසුරුවරයා එම තනතුරෙන් ඉල්ලා අස්වීම තමන් බලාපොරොත්තු වන බවද ජයසූරිය මහතා පැවැසීය.
.