නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රථම ආරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ (16) ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එසේම උතුරු පළාතට යුද්ධායුද/ වෙඩි ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිළි වලට සමාන රෙදි වර්ග, දුරදක්නද නැගෙනහිර පළාත සඳහා යුද්ධායුද හා වෙඩි ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය යන දෑ හැර එම පළාත්වලට ප්‍රවාහනය කිරීමට තහනම් කර තිබූ අනෙකුත් ද්‍රව්‍ය තහනමකින් තොරව ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ජනපතිවරයා ආරක්ෂක මණ්ඩලයට පවසා ඇත.