විමල් කැළණි හිඟන්නෙක්. නිල නිවසේ ඉබි යතුරුත් ගලවාගෙන ගිහිල්ලා

Published in පුවත්
Friday, 16 January 2015 16:17
හිටපු නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ කොළඹ, කැප්පෙට්ටිපොළ පාරේ පිහිටි නිල නිවසේ තිබූ ඉබි යතුරු, දොර රෙද්දේ සිට  වායුසමීකරණ යන්ත්‍ර ආදී සියල්ල  නිල නිවසෙන් ඉවත්ව යාමේදී ගලවාගෙන රැගෙන ගොස් තිබේ.
 
ඒ හේතුවෙන් නව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට නිළ නිවස ලබා දීමට එම අමාත්‍යංශ නිළධාරීන් මේ වනවිට එම නිවස නැවත අලුත් වැඩියා කරමින් සිටී.
 
කඩි මුඩියේ මේ අලුත් වැඩියා කිරීමට විමල් වීරවංශ මහතා සමඟ අමාත්‍යංශයේ සේවය කළ ඔහුට හිත්වත් නිලධාරීන් වඩාත්ම උත්සහ කරන්නේ වීරවංශ  මහතා ගතකල සුපිරි ජීවිතය සඟවාලීමට බව එහි සේවකයෝ ලංකා ඩේලි වෙත පැවැසූහ. මෙම නිවසේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂය ඉක්මවා පැවැති බවද හෙලිවිය.
 
ඔවුන් පවසන්නේ නව ඇමැතිවරයෙකුට නිළ නිවස ලබා දීමට මත්තෙන් එය අලුත් වැඩියා කිරීම කළ යුතු නමුත් මේ සිදු කරමින් පවතින්නේ විමල්ගේ නාස්තිකාර සුඛෝපභෝගී ජීවිතයේ සත්‍ය වසන් කර සජිත් ප්‍රේමදාස මහතාවද ඇන්දවීමට බවද ඔවුන් වැඩිදුරටත් පැවැසීය.
 
විමල් වීරවංශ විසින් හෝකන්දර මංගල පාරේ කෝටි ගණනක නිවසක් දැනට වසර කිහිපයක සිට  ගොඩනඟමින් තිබෙන අතර නිල නිවසෙන්  කොල්ල කෑ බඩු බාහිරාදිය සියල්ල මෙම නිවසට  ගෙනගොස දමා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us