හදිස්සියේ ඡන්ද නීති සංශෝධනය අනුවණ වැඩක්‌ - මැකො

Published in පුවත්
Saturday, 17 January 2015 08:31

ඡන්ද විමසීම්වලට සම්බන්ධ නීති රීති සංශෝධනය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා කෙටි කාලසීමාවකින් සිදු කිරීම අනුවණ ක්‍රියාවක්‌ බව මැතිවරණ කොමසාරිස්‌වරයා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පවසන්නේ ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩ පිළිවෙල යටතේ පවත්නා මැතිවරණ ක්‍රමය කඩිනමින් වෙනස් කිරීම සඳහා කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීමටය.

ඡන්ද විමසීම් නීති රීති සංශෝධනය කරන්නේ නම් එසේ කළ යුත්තේ අදාළ සියලුම පාර්ශවල අදහස්‌ විමසීමක්‌ හරහා සිදු කරනු ලබන පුළුල් සංවාදයකින් බවත් ඒ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මැතිවරණ කාලසීමාවකදී සියලුම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය පිළිබඳව විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතු බවද මෙම කාලය තුළ පමණක්‌ බලපැවැත්වෙන විශේෂිත මාධ්‍ය කොමිසමක්‌ පත් කිරීම වැනි කරුණු පිළිබඳව සලකා බලන ලෙස ද කොමසාරිස්‌වරයා නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය ආයතන සතු ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාව, ස්‌වාධීන රූපවාහිනි සේවය හා ලේක්‌හවුස්‌ ආයතනය ඡන්ද විමසීම් කාලයේදී පමණක්‌ නොව අන් කාලසීමාවල ද ආණ්‌ඩු පක්‍ෂයේ ආයතන ලෙස නොව රාජ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක කිරීම නිදහස්‌ හා සාධාරණ ඡන්ද විමසීමක්‌ පැවැත්වීමට යෝග්‍ය බවට වන අදහසට තමා එකඟ වන බවද ඔහු කියා සිටී.

 

Last modified on Saturday, 17 January 2015 08:33

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us