අමරිකානු තානාපති ජාලිය වික්‍රමසූරියට පරීක්ෂණ නැද්ද?

Published in පුවත්
Thursday, 15 January 2015 12:27

ඇමරිකා එක්සත් ජනපදයේ තනාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සඳහා පරීක්ෂණ පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යංශය තවමත් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ සේවකයෝ කනස්සල්ල පළ කරති.

ජාලිය වික්‍රමසූරිය මහතා ජනාධිපතිවරයාගේ ඥාති සහෝදරයා වන අතර 2008 වසරේ සිට අමරිකාවේ තානාපති ලෙස කටයුතු කරයි. මේවන විට ඔහුට එල්ල වී ඇති බරපතල චෝදනාව වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු සමාගමක වු patton doggs law firm සමාගමට ගෙවනු ලැබූ මුදල් වංචා කිරීම ගැන චෝදනාවය. ශ්‍රී ලංකා රජය මේ වෙනුවෙන් මාසිකව ඩොලර් 35,000 ක මුදලක් 2008 වසරේ සිට ගෙවා ඇති නමුදු සත්‍ය ලෙසම සමාගම මේ වෙනුවෙන් අයකර ඇත්තේ මාසිකව ඩොලර් 10,000 ක මුදලක් බව හෙළිවේ.

ඔහු මෙම මුදල 2008 වසරේ සිටම ලබාගෙන ඇති අතර අමරිකාවේ Brownstein Hyatt Farber Schreck සමාගම මගින්ද ශ්‍රී ලංකාව හා අමරිකාව අතර හොඳ හිත සකස් කිරීම සඳහා නැංවීම සඳහා යැයි කියමින් 2008 වසරේ සිට වාර්ෂිකව ඩොලර් 600,000 ක මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ජාලිය වික්‍රමසූරිය වෙත නිකුත් කර ඇත.

එමෙන්ම 'එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී වික්‍රමසූරිය මහතා අමරිකානු ඩොලර් 350, 000 ක වංචාවක් සිදු කර තිබේ.


මෙම ගොඩනැගිල්ල 3025, වයිට් හේවන් ස්ට්‍රීට්, වොෂින්ටන්, 20008 හි පිහිටා ඇති අතර එය වසර 62 ක් පැරණි නිදන කාමර 07 කින් යුතු නිවසකි. මෙම නිවස පසුගිය 2013 වසරේ ජනාවාරි මාසයේ මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 6, 250,000/- ය.

නමුත් වික්‍රමසූරිය මහතා මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 6,600,000/- කට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා රජයෙන් ලබා ගෙන ඇත. මේ ගොඩනැගිල්ල හෝ එහි තත්වය සොයා බැලීමට කිසිදු තක්සේරුවක් කර නොමැත. තානාපති කාර්යලයේ සිට තේ වෙළඳාමක් පවත්වාගෙන යාම ගැනත් මොහුට චෝදනා එල්ල වී ඇත.

ජාලිය, වර්තමාන ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාගේ සොහොයුරාද වෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us