ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට

Published in පුවත්
Thursday, 15 January 2015 10:39

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වෙයි.මහින්ද රාජපක්ෂ මහතා ඊය‍ේ (14)රාත්‍රිය‍ේ හිටපු මැති ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී පවසා ඇත්ත‍ේ තමා ක්‍රියාකාරී ද‍ේශපාලනයෙන් සමුගන්නා බවයි. 

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පාර්ශ්වයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති තනතුරට පත්කරගත් අතර තවත් කොටසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සභාපති තනතුරට පත්කර ගත්තේය.


එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ සභාපතිවරයා විය යුත්තේ ජනපති ධුරය දරණ තැනැත්තාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (16දා) නැවතවරක් රැස්වීමට නියමිත බවත් වාර්තාවෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි . ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතු වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

සබැදි පුවත්
රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් නිදහස් !; මෛත්‍රිපාලනය !!

 

Last modified on Thursday, 15 January 2015 12:11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us