රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් නිදහස් !; මෛත්‍රිපාලනය !!

Published in පුවත්
Wednesday, 14 January 2015 23:15
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවීමක් හෙට (15)දිනයේදී සිදු වීමට නියමිතය. මෙහිදී ශ්‍රීලනීපයේ නායකයකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දිමට මේ වන විටත් එකඟ වී තිබේ.. එමෙන්ම ජනාධිපතිවරයාගේ දින සියයයේ වැඩ පිළිවෙලට සහය පල කිරීමත් රාජපක්ෂ  විසින් සිදු කරනු ඇත. 
 
මෙමඟින් ඔහු අපේක්ෂා කරන්නේ සිය සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ පුත්‍රරත්නයන් දෙක වන   නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ සිරගතවීම වලක්වා ගැනීමට බව දැන ගැනීමට තිබේ. 
 
යෝෂිත රාජපක්ෂට රගර් ක්‍රීඩකයකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර එහි සියළු සාක්ෂි මේවන විටත්  විපක්ෂයේ මන්ත්‍රීවරයකු සතුව තිබේ. එමෙන්ම නාමල් රාජපක්ෂට එරෙහි බරපතල මූල්‍ය වංචා සම්බන්ධ චෝදනා මෙන්ම  තරුණ ස්ත්‍රීන් කිහිප දෙනෙකු ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා කළ බවට   තොරතුරුද  හෙළිව තිබේ. ඒ සම්බන්ධ සාක්ෂි ද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව අප වෙත දැන ගැනීමට තිබේ. 
 
 
මෙම  මෛත්‍රී හා මහින්ද හමුවේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වලක්වා ගැනීමේ 'අහිංසක' වුවමනාවක් බවට මේ වන විට ප්‍රසිද්ධ කරමින් ඇතත් මෙහි අරමුණ වී ඇත්තේ රාජපක්ෂවරුන්ට එල්ල වෙමින් තිබෙන මහා අපරාධ චෝදනා හා දුෂණ චෝදනා වලින් නිදහස් වීමය.
 
 
ඒ කෙසේ නමුත් හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නියමිත වේ. ඒ අතර ශ්‍රීලනිපයේ නායකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිගැනීමත් හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ අනුශාසක ධූරයට පත්කිරීමත් මූළික වන අතර දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ඇති සියළු පළාත් සභා ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා වීමට නියමිතය.
 
ජනාධිපතිවරයා ඉහත කොන්දේසිවලට කැමති වන්නේ නම් ඔහුගේ දින සීයේ වැඩපිලිවෙලට ශ්‍රීලනිප මහින්ද කණ්ඩායම සහයෝගය දෙනු ඇත. 
 
ඒ අනුව විපක්ෂ නායක ධූරය ද්‍රවිඩ ජාතික සන්ධානයට (TNA) යා නොදී එය ශ්‍රීලනිපය තුලම රඳවා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි. මෙය සාර්ථක වුවහොත් ශ්‍රීලනිප ආණ්ඩුවක් සහ ශ්‍රීලනිප විපක්ෂයක් දැකිය හැකි වනු ඇත.
 
මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සැරසෙන්නේ ‘දේශපාලන ගේමක්' ගැසීමට බවයි. මේ දේශපාලන ගේමේ මූළික අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අනාථ කොට මෙම දේශපාලන වෙනස සඳහා මූලික වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නැවතත් දේශපාලන වශයෙන් කොන් කිරීම බව පැහැදිලි කර සිටියේය.
 
එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ‘පිවිතුරු හෙටක්' සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ගිවිසුමේ මූලික වගන්තියක් වන්නේ තේරී පත්වන ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයෙකු විය යුතු බවයි. 
 
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපතිවරයා වීම තුලින් එම කොන්දේසිය කඩවන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනු ලබයි. ඔවුන් සැම ඒකමතිකව සඳහන් කර සිටින්නේ මේ ක්‍රියාත්මක වන්නේ දින 100 වැඩපිළිවෙල අසාර්ථක කිරීම සඳහා කුමන්ත්‍රණයක් බවයි.
 
කෙසේ නමුත් මෙමඟින් බරපතල දේශපාලන අර්බූදයකට ගොදුරු වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.  එජාප නායක වරයා මහින්ද රාජපක්ෂ හා එකඟ තාවයකට පැමිණ රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් නම්‍ය ශීලී ප්‍රතිපත්තියකට එළඹීමට මෙයට පෙර සාකච්ඡා කර තිබිණි. 
 
ඒ අනුව බලාපොරොත්තු වූයේ මෛත්‍රී පිල හා රාජපක්ෂ පිළ අතර එකඟතාවයක් වැලැක්වීමය. එහෙත් එම තත්වය මේ වන විට  වෙනස් වී ඇති අතර  රාජපක්ෂ පිල වඩා ජයග්‍රාහී තත්වයක් අත්පත් කර ගෙන ඇත. මේ අනුව මෛත්‍රීපාලනය රාජපක්ෂ වරුන් සම්බන්ධ කිසිදු දූෂණ හෝ අපරාධ සම්බන්ධ චෝදනා ගැන විභාග නොකරනු ඇත.
 
මෙය කිසිසේත්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට කතිරයක් ගැසූ ජනතාව බලපොරොත්තු වූවක් නොවේ.
 
ඝාතන  අපරාධ හොරකම් වංචා සම්බන්ධව බර පතල චෝදනා ‍රැසක් විපක්ෂය ජනාධිපතිවරන සමයේදීත් ඊට පෙරත් එල්ල කරනු ලැබීය. විශේෂයෙන්ම ලංකා ඩේලී වෙබ් අඩවිය විසින් එල්ටීටීඊ යෙන් අත් අඩංගුවට ගන්න ලද රත්තරන් ටොන් 350ක් ජපානයට විකුණා රුපියල් කෝටි හතලිස් ලක්ෂයක් රාජපක්ෂවරු තමන්ගේ ගිණුමවල තැම්පත් කර ගත් බව සාක්ෂි ඇතිව පෙන්වා දුන්නේය. එම ගනු දෙනුවට සම්බන්ධ පාර්ශ්වයක් ඒ පිළිබඳව සියළු සාක්ෂි සහිත්ව අධිකරණයකට හෝ මාධ්‍ය හමුවකට හෝ ඉදිරිපත්ව සිටී.
 
කෙසේ නමුත් මෙහිදී  මෛත්‍රීපාල සිරිසේන මහතාව බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් හා ඒ වෙනුවෙන් සහය පල කල, ජනතාව හමුවේ වන වගකීමක් වේ. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට  මෛත්‍රීපාලනය හෝ යහපාලනය යනු. සතුරාට ප්‍රෙම කිරීම නොවන බව අබෝධ කර දීමය.
 
අපරාධ කරුවන්ට දූෂිතයන්ට නිස දඩුවම් නොදී බේරා ගැනීමට උත්සහ කළහොත් සිදු විය හැක්කේ දින සියය ඉක්ම යාමට මත්තේන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටම  සිය  පාංශුකුලයට වුවමනා අඩුම කුඩුම ටික   සූදානම් කර ගැනීමටය. 

 

Last modified on Thursday, 15 January 2015 07:59

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us