සරත් ෆොන්සේකා - ජනාධිපති උපදේශක

Published in පුවත්
Thursday, 15 January 2015 07:54

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්‍ෂාවට අදාළව ජනාධිපති උපදේශක ලෙස පත් කිරීමට රජය පියවර ගෙන ඇත.

ඔහුට අහිමි වී ගිය පදක්‌කම් හා හමුදා නිල නාමයන් ද යළි ස්‌ථාපිත කිරීමට රජය එකඟ වී ඇත.

මේ අනුව තමා ජාතික ආරක්‍ෂාවට අදාළ කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිsරිසේන මහතාට සහාය දෙන බව සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.

මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් පත් කර තිබේ.

ජයන්ත ධනපාල මහතා විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසත් ජයම්පති වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාත් වේ.

ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පාලිත පැල්පොල මහතාත්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස චමින්ද සිරිමල්වත්ත මහතාත් පත් කර ඇත.

Last modified on Thursday, 15 January 2015 08:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us