මෙවර දැයට කිරුළ වැඩසටහන මාතරදී පැවැත්වීමට යෝජිතව ඇති අතර ඒ නිමිත්තෙන් ගාල්ල, මාතර, හම්බන්තොට හා ඇඹිලිපිටිය ප්‍රදේශවල විවිධ ව්‍යාපෘති පසුගිය රජය විසින් ආරම්භ කොට තිබිණි. ඒ සඳහා මේ වන විටත් අති විශාල මුදල් කන්දරාවක් වැය කොට ඇතැයි දැන ගන්නට ලැබී ඇති අතර විවිධ කොන්ත්‍රාත්කරුවන් හට මුදල් ගෙවීමට පවා ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේ ද මුදල් පවා වෙන් නොකොට විවිධ ව්‍යාපෘති ආරම්භ කොට අතරමඟ නැවැතී ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙයි.