අධිකරණ අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය ඇමැති ධුරයෙහි වැඩ හෙට භාර ගන්නා බවත් ඉන් අනතුරුව ඉහත කී තොරතුරු හෙළි කරන බවත් ඒ මහතා පැවැසීය.
පසුගිය පාලන සමයේ සිදුවී ඇති දූෂණ, වංචා සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමත් හෙටම ආරම්භ කරන බව පැවැසූ ඒ මහතා ඒ සඳහා නීතිපතිවරයා ප්රමුඛ නිලධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද කීවේය.
(mawbima)