මාධ්‍ය ඇමැති ගයන්ත හෙට වැඩ අරඹයි

Published in පුවත්
Thursday, 15 January 2015 08:37
නව කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත් කෙරුණු ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයේ රාජකාරි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හෙට (16) භාර ගැනීමට නියමිතය.
 
පුරා දශකයට අධික කාල සීමාවක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා පක්ෂයේ අර්බුදකාරී අවස්ථාවලදීද සමබරව කටයුතු කළ අයෙකි.
 
කරුණාතිලක මහතා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එවකට රාජ්‍ය ආයතනයක රාජකාරි කළ ලාබාලම සභාපතිවරයා විය.
 
1999 පළාත් සභා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්යෙන් ඉදිරිපත් වී විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය.2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී එම දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරි පත් වියනැවතත් 2001, 2004 සහ 2010 වසරවලදී පැවැත්වූ මහ මැතිවරණවලින්ද පාර්ලිමේන්තුවට පත් වූ ඒ මහතා කලක් එජාප තරුණ සංවිධානයට නායකත්වය ලබා දුන්නේය.
 
 කරුණාතිලක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
 
 (dinamina)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us