ජනාධිපතිවරණ පෙත්සමට මම නැහැ - නීතීඥ අනෝමා ගුණතිලක

Published in පුවත්
Thursday, 15 January 2015 11:26

මේ සිරස් තලට යටතේ පළ කල පුවතේ ජනාධිපතිවරණ පෙත්සමට අදාල මහින්ද රාජපක්ෂගේ ලේඛණ ගත නීතීඥවරිය ලෙස නීතීඥ අනෝමා ගුණතිලක මහත්මියගේ නම සඳහන් විය.

මේ සම්බන්ධයෙන් ඇය අප වෙත නිවැරදි කිරීමක් එවා ඇත.

ඇය පවසා සිටින්නේ "2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේ ඡන්ද පෙත්සමට අදාළව මාගේ නම සම්බන්ධ කර තිබීම පිළිබඳව මම කම්පනයට පත් උනෙමි. එම ප්‍රකාශයේ කිසිඳු සත්‍ය තාවයක් නොමැති අතර එයට මගේ කිසිදු සම්බන්ධ තත්වයක්ද නැත. ඒ වගේම මම එවැනි දෙයකට සම්බන්ධ උවත් දේශපාලන නඩුවලට සම්බන්ධ වීමට කිසිඳු කැමැත්තක් නැත. ඒ හේතුවෙන් එම ලිපියේ අවශ්‍ය නිවැරදි කිරීම සිදුකර ලෙස සහ එය නැවත පළකරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි" යන්නයි.

අප විසින් පළ කළ පුවතේ සඳහන් පරිදි මෙම ජනාධිපතිවරණ පෙත්සමට අනෝමා ගුණතිලක මහත්මියගේ නම ඈඳෙන්නේ ඇයගේ දැනුවත් භාවය මතද නොමැතිවද යන්න අපට නිශ්චිත සාක්ෂි නැත.

නමුත් මේ සම්බ්න්ධ හෙළිදරවු වූ කරුණු අනුව අදාල පෙත්සම ඉදිරිපත් කිරීමේදී එය අනෝමා ගුණතිලක මහත්මියගේ නමින් ඉදිරිපත් කිරීමට අදාල පාර්ශව කරුවෝ සාකච්ඡා කර තිබේ.

මේ සම්බන්ධ පුවතේ ඇගේ නම සඳහන් වීමෙන් ඇයට මහත්මියට අගතියක් සිදුවූවානම් මේ පිළිබඳ සමාව අයදිමි.

එහෙත් අප විසින් සිදු කරනු ලැබුවේ සිදුවීමට යන දේශපාලනික කුමන්ත්‍රණයක් හෙළිදරව් කිරීම මිසක කිසිවකුගේ පෞද්ගලික කීර්ති නාමයට හානියක් කිරීම නොවේ.

එමෙන්ම මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව මේ පෙත්සම ඉදිරිපත් කිරීමේ කටයුතු හකුලාගෙන ඇති බවද වාර්තා වේ.

ඊට හේතුව හිටපු ජානාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවයක් ඇති වීමය.

අප වෙබ් අඩවියේ පළවන පුවතකින් යම් අයෙකුට අගතියක් අවැඩක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ පිළිතුරු දිමට ඒ සියළු දෙනාටම හිමි අයිතියක් බව සඳහන් කර සිටිමු.

 

සබැඳි පුවත් 

 

ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද පෙත්සමක්! පීරිස්ගේ පූර්ණ සහාය!! 

 

මොහාන් පීරිස් ආරක්ෂා කිරීමේ වගකීම, තිලක් මාරපන බාරගනී !

Last modified on Thursday, 15 January 2015 12:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us