මොහාන් පීරිස් ආරක්ෂා කිරීමේ වගකීම, තිලක් මාරපන බාරගනී !

Published in පුවත්
Wednesday, 14 January 2015 16:18

වත්මන් අගවිනිසුරු වරයාගේ තනතුර ආරක්ෂා කර දීමේ වගකීම ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා බාර ගෙන තිබේ.  2002 වසරේ පිහිටවූ එජාප රජයේ ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම එජාපයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ සාමාජිකයකුද වන තිලක් මාරපන මහතා මොහාන් පීරිස් මහතාගේ සමීප මිතුරකුද වේ.

 
මොහාන් පීරිස් මහතාව එම තතුරෙන් ඉවත් කළයුතු බවට නැඟ එන විරෝධය හමුවේ මොහාන් පීරිස් මහතා, තිලක් මාරපන හමුවී තමාට උදව් කරන මෙන් ඉල්ලා තිබේ . ඒ අනුව පෙරේදා සවස  මාරපන මහතා මොහාන් පීරිස් මහතාවද කැඳවාගෙන ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව මුණ ගැසී ඇත.
 
එහිදී මොහාන් පීරිස් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇත්තේ නව රජයට වාසිදායක ලෙස අවශ්‍ය තීන්දු ලබා දීමට තමන් එකඟ වන බවත් ඒ වෙනුවෙන් තම තනතුර ආරක්ෂා කර දෙන ලෙසත්ය.
 
රනිල් වික්‍රමසිංහ මහතා ඊට සුභවාදී ප්‍රතිචාරයක් පෙනන්වා තිබෙන මුත් වඩා වැදගත් වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය බව අවධාරණය කර තිබේ. තනතුර ආරක්ෂාකර දෙන බවට අවසන් පිළිතුරක් ලබා දී නොමැත.
 
කෙසේ නමුත් 2002 වසරේදීද රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පිහිට වූ විට එවකට අගවිනිසුරුව සිටි සරත් එන් ද සිල්වා මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා හමුවී  එජාප රජයට අවශ්‍ය ලෙස තීන්දු ලබා දෙන බවට එකඟ විය. එම හමුවට මැදිහත් වූයේද තිලක් මාරපන මහතාය. එවකට අගවිනිසුරුවරයාව බලයෙන් පහ කිරීම සඳහා දෝෂාබියෝගයක් ගෙන එමේ සූදානමක් එජාපයේ තිබිණි. 
 
එදා රනිල් වික්‍රමසිංහ මහතා සරත් ද එන් ද සිල්වා මහතාව දූෂණ චෝදනාවලින් ආරක්ෂා කිරීමට එලෙස කටයුතු කළ නමුත් 2004 දී එජාප අණ්ඩුව පෙරළා දැමීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ එකතු වී කුමත්‍රණය කළේද  සරත් එන් ද සිල්වා අගවිනිසුරුවරයාය.
 
අද උදෑසන  අප විසින් පළ කළ පුවතකින් හෙළි කර සිටියේ අගවිනිසුරු  මොහාන් පිරිස් ප්‍රමුඛ කණ්ඩායමක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා කුමන්ත්‍රණ කාරී සැලසුමකට අර අදින බවය.
 
 
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us