රාජපක්ෂලා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කරදි ඔවුන් ආරක්ෂා කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුවෙනුත්.!

Published in පුවත්
Wednesday, 14 January 2015 15:47

දින සියයක වැඩ පිළිවෙලක් සඳහා මේ වන විට පිහි‍ටුවා තිබෙන නව ආණ්ඩුව එම් වැඩ පිලිවෙල ක්‍රියත්මක කිරීමට පෙරාතුව පෙරළා දැමීමට රාජපක්ෂවාදී දූෂිතයන් කටයුතු කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන තුළ මහින්ද වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ කටයුතු කළ දූෂිත නිලධාරියකු වන ප‍්‍රධාන විධායක නිළධාරි ලලිත් ද සිල්වා අද දින එම ආයතනයේ නිළධාරීන් කිහිප දෙනෙකු සමඟ පවසා ඇත්තේ ඉදිරි මාස දෙක ඇතුලත මෛත්‍රීපාලනය පෙරළා දමන බවත් එතෙක් තමන් කෙසේ හෝ නව ආණ්ඩුව සමඟ යාප්පුවෙන් සිටින බවත්ය.

ලංකාඩේලි වෙබ් අඩවිය විසින් කෙරුණු හෙළිදරව් කිරීම හේතුවෙන් ඔහුගේ තනතුර තව දුරටත් ‍රැක ගැනීම අවධානමට ලක්ව තිබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

එමෙන්ම පසුගියද රාජපක්ෂවරුන්ට හිතවත්ව පවත්වාගෙන ගිය පෞද්ගලික ගුවන් විදුලි ආයතන වූ දෙරණ හා හිරු ප්‍රධානීන් දෙදෙනකුද සිය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකු හා පවසා ඇත්තේ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී පෙරලා දැමීමේ සැලසුමක් ඇති බවත් එම නිසා කිසිවකුත් කලබල විය යුතු නැති බවත්ය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ අතර එකඟතාවයක් ගොඩනැඟීමට ද ශ්‍රී ලනීප ප්‍රබලයන් පිරිසක් උත්සහ ගනිමින් සිටී. ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් ශ්‍රීලනීපය ප්‍රමුඛ ආණ්ඩුවක් සකසා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. එහෙත් රාජපක්ෂ ඊට විරෝධය දක්වා ඇත්තේ තමන් නැවතත් රටේ ජනාධිපතිවීමෙන් හැර වෙනත් ක්‍රියාමාර්ග නොගන්නා බවය.

මේ තත්වය මත රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ට එල්ලවී ඇති මහා පරිමාන දූෂන චෝදනාවලින් ආරක්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටින බවත් දැන ගැනීමට ඇත. එමඟින් රාජපක්ෂවාදී පිළ හා මෛත්‍රීපිළ අතර එකඟ තාවයක් ඇති වීම වලක්වා, ශ්‍රී ලනීපය දුර්වල කිරීම ඔහුගේ දේශපාලන උපාය වී තිබේ. එසේ නොවුන හොත් අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් එජාපයට වැඩි බලයක් ලබා රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධුරය යටතේ ආණ්ඩුවක් පිහි‍ටුවීමේ හැකියාව දුර්වල වීමට ඉඩ ඇත..

මේ හේතුවෙන් රාජපක්ෂවරු ආරක්ෂාවීම, සම්බන්ධයෙන් චම්පික රණවක. රාජිත සේනාරත්න ආදී නායකයන්ගේ විරෝධය එජාප නායකත්වය වෙතත්. ජනාධිපතිවරයා වෙතත් එල්ල වී තිබේ. චම්පික රණවක මහතා රාජපක්ෂවරුන්ගේ දූෂන සේවීම වෙනුවෙන් වෙනම මෙහෙයුමක් අරම්බ කළේද මේ හේතුවෙන් බව දැන ගැනීමට තිබේ.

unnamed-1-1

unnamed-2

unnamed

ලලිත් ද සිල්වා ටෙලිකොම් අායතනය තුළ පැවැත්වූ රැස්වීමක අවස්ථාවක්

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us