subash

subash

දොඹකර හෝටලය

Published in අනං මනං
Wednesday, 14 January 2015 16:45

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වරාය අසල අත්හැර දමා තිබූ පැරණි දොඹකරයක් තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට එරට ගෘහනිර්මාණ ශිල්පීන් පිරිසක් කටයුතු කර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය විරෝධී ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කළ බව කියමින් විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) පැමිණිලි කර තිබේ.

වත්මන් අගවිනිසුරු වරයාගේ තනතුර ආරක්ෂා කර දීමේ වගකීම ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා බාර ගෙන තිබේ.  2002 වසරේ පිහිටවූ එජාප රජයේ ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම එජාපයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ සාමාජිකයකුද වන තිලක් මාරපන මහතා මොහාන් පීරිස් මහතාගේ සමීප මිතුරකුද වේ.

මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්. 

දින සියයක වැඩ පිළිවෙලක් සඳහා මේ වන විට පිහි‍ටුවා තිබෙන නව ආණ්ඩුව එම් වැඩ පිලිවෙල ක්‍රියත්මක කිරීමට පෙරාතුව පෙරළා දැමීමට රාජපක්ෂවාදී දූෂිතයන් කටයුතු කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

ඌව පළාත් මහ ඇමති ලෙස ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පස්වරු 1.14ට යෙදුණ සුබ මොහොතින් පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේය.

බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

නව රජයේ කිසිදු ඇමැතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබා නොදෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත ඊයේ (13) නියෝග කර ඇත.

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළ අවධියේදී රාජපක්ෂ හිතෛශීන් බොහෝ දෙනෙකුට එම ආයතයේ නීති රීති උල්ලංගනය කරමින් ‍රැකියා ලබා දි තිබෙන බව හෙළිවේ.

අදින් හරියටම මාසයකට පසුව එනම් ආදරවන්තයින්ගේ දිනය වන පෙබරවාරි 14 වනදා කණ්ඩායම් 14ක් එකම කිරුළක් උදෙසා තරඟ වදින පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය කේන්ද්‍ර කරගෙන  ඇරඹෙයි. දෙරටේ ක්‍රීඩාංගන 14කදි මෙවර ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. වසර 200 කට වඩා ඉතිහාසයක් ඇති ක්‍රිකට් ඉතිහාසයේ 11 වන සීමිත ඕවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට මේ වන විට සියල්ල සුදානම්ව ඇති බව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග ඔස්සේ සනාථ කරයි. මේ වන විට ලොව පුරා ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් තරඟාවලි කිහිපයකම ක්‍රීඩාකරමින් මනා පෙරහුරුවක් ලෝක කුසලානට පෙර ලබා ගනිමින් සිටි. 

Connet With Us