subash
දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු බැංකු ගිණුමකින් 2015.01.06 දින රුපියල් 1,456,980,000ක මුදලක් යළි ලබා ගැනීම ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විගණාකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉතා අමානුෂික හා කෘර ආකාරයෙන් රට තුල ක්‍රියාත්මකවූ අලි පැටවුන් ජාවාරමේ මහා මොළකරුවෙකු ලෙස කටයුතුකළ දැනට වැඩ තහනමට ලක්වී සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීම් අංශයේ සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි නැමැත්තා නැවත සේවයේ පිහිටුවීමේ උත්සාහයක් පවතින බව අනාවරණය වේ.
භාශ්වර,මිලියන 900ක වංචාවක, ලිපිගොනු අරන් පැනලා මාට්ටු
ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක භාශ්වර සේනාංක ගුණරත්න විසින් මිලියන 900ක වංචාවකට අදාළ ලිපිගොනු කිහිපයක් සංචාරක මණ්ඩලයේ කාර්යාලයෙන් පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබේ.
නවීන පන්නයේ ජංගම දුරකථනවලට ලෝකයේ ඕනෑම තැනක තියෙන්නේ විශාල ඉල්ලුමක්. මේ නිසාම ජංගම දුරකථන ආශ්‍රිත වංචාවන් විශාල වශයෙන් සිද්ධ වෙනවා.
වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යතුමා සමග එක්වී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දීමට තීරණය කර ඇත.වයඹ පළාත් සභාවේදී අද (13)පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසිය.
අද වනවිට සමාජයේ ආදරයේ සීමා මායිම් පුළුල් වෙමින් පවතිනවා. ආදරයට ජාති ආගම් කුල වයස දුප්පත් පෝසත් පමණක් නොවේ ලිංගිකත්වයද ගැටළුවක් නොවන බව ලෝකය පිළිගනිමින් සිටියි.
එජාපයේ සිට පසුගිය මැතිවරණ සමයේදී එක්සත් ජනාතා නිදහස් සන්ධානයට එක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නැවතත් අද (13දා) එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය.
