subash

subash

පසුගිය රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීම නිසා මීට වසර 5කට පෙර ශ්‍රී ලංකාව හැරදා යෑමට සිදුවූ යුද හමුදා විශේෂ බළකායේ සැලැසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා බි්‍රගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන යන මහත්වරු සෙනසුරාදා (10දා) අලුයම කටුනායක ගුවත්තොටුපොළින් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කොට ඇති දින 100 වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දෙන ලෙස මේ අවස්‌ථාවේ තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසූහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට ජනාධිපති ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීමෙන් පසු දිඹුලාගල කළුකැලේ මහවැලි ගම්මානයේ ගොවියකු වන ඩී.ආර්. ජයසිංහ බණ්ඩාර (46) මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ලබන සතියේ රැස්වන පාර්ලිමේන්තු රැස්වීමේදී දිවුරුම් දීමට සූදානමින් සිටී.

පාර්ලිමේන්තුවේ හිටපු සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (12දා) තීරණය කර ඇත.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපාලනය වෙනුවෙන් ඉදිරි දින සියය ඇතුළත ගනු ලබන හැම ක්‍රියාමාර්ගයකටම පාර්ලිමේන්තු තුළදීත්, ඉන් පිටතදීත් සහාය ලබාදෙන බව හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරමින් එම ආයතනවලට අනුයුක්‌තව රාජකාරි කරනු ලබන සියලුම හමුදා නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමට නව රජය තීරණය කර තිබේ.

ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගේ අසහාය ආගමික නායකයා වන අතිඋතුම් ෆ්‍රන්සිස්‌ පාප් වහන්සේ අද (13 දා) පෙරවරු 9.00 ට ශ්‍රී ලංකාවට සැපත් වෙයි.

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා හදිස්සියේම මෛත්‍රීවාදියකු වී ඇති බව වාර්තාවේ.

ජාතික රූපවාහිණියේ ඉරිදා ආයුබෝවන් වැඩ සටහනට සහභාගි වූ සෞම්‍ය ලියනගේ, දීපානි සිල්වා ,නිරෝෂා විරාජිණී සහ ජෙහාන් ශ්‍රිකාන්ත යන කලාකරුවන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූයේ ඇයිද යන්න පිළිබඳ සාකච්ජා කරමින් සිටින මොහොතේ දී ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා මහනුවරදී ආගමික වතාවත් හී යෙදීම ප්‍රදර්ශනය කරණු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අම්බලන්ගොඩ පිහිටි සිය නිවසේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටි අලියකු හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබේ.

Connet With Us