මෛත්‍රීගේ තැනට ගොවියෙක් පාර්ලිමේන්තුවට

Published in පුවත්
Tuesday, 13 January 2015 09:32

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට ජනාධිපති ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීමෙන් පසු දිඹුලාගල කළුකැලේ මහවැලි ගම්මානයේ ගොවියකු වන ඩී.ආර්. ජයසිංහ බණ්ඩාර (46) මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ලබන සතියේ රැස්වන පාර්ලිමේන්තු රැස්වීමේදී දිවුරුම් දීමට සූදානමින් සිටී.

2010 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 4 වැනි ස්ථානය ලැබූ ඒ මහතා තලාතුඔය හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා මහවැලි ඉඩම් ගෙන පැමිණි මහවැලි දෙවැනි පරම්පරාවේ දරුවෙකි.


කළුකැලේ ශ්‍රී ල.නි.ප. සමිතියේ ලේකම් හා සමෘද්ධි සංවර්ධන නිලධාරියකු ලෙස පත්වී 2002 වර්ෂයේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්වී 2006.04.16 දින මනාප 7,444ක් ලබාගෙන දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත්විය.

2008 පැවැති පළාත් සභා මැතිවරණයේදී මනාප 14,672ක් ලබාගෙන උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්වූ ඒ මහතා 2010 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප 21,876ක් ලබා පොළොන්නරුවේ 4 වැනි ස්ථානයට පත්විය.

1988 භීෂණ සමයේ යහළුවන් 8 දෙනකු සමඟ එකට සිටියදී 7 දෙනකු ඝාතනයට ලක්ව ජීවිතය බේරාගත් තරුණයා වන්නේද ජයසිංහ බණ්ඩාර මහතාය.

 

 

mawbima

Last modified on Tuesday, 13 January 2015 09:42

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us