රාජපක්ෂලාගේ මරණ තර්ජන හමුවේ රටින් පැන්න හමුදා නිලධාරීන් නැවත එයි

Published in පුවත්
Tuesday, 13 January 2015 10:18

පසුගිය රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීම නිසා මීට වසර 5කට පෙර ශ්‍රී ලංකාව හැරදා යෑමට සිදුවූ යුද හමුදා විශේෂ බළකායේ සැලැසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා බි්‍රගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන යන මහත්වරු සෙනසුරාදා (10දා) අලුයම කටුනායක ගුවත්තොටුපොළින් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව ජනාධිපතිවරණයට තරග කිරීම නිසා පැවැති රජයේ ආරක්ෂක බලධාරීන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරුන් 5 දෙනකු හා ඊට පහළ නිලවලට අයත් උසස් හමුදා ජේ‍යෂ්ඨ නිලධාරීන් 14 දෙනකු හිටපු හමුදාපති ෆොන්සේකා මහතාට හිතවත් අය යැයි සලකා අනිවාර්යය නිවාඩු යවනු ලැබූ අතර ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකාව හැරදා විදේශ ගත විය.


විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි එම ජේ‍යෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා පිළිගැනීම සඳහා හිටපු හමුදා නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.


මෙහිදී මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කළ යුද හමුදා විශේෂ බළකායේ හිටපු සැලැසුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා,


හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා 2010 ජනාධිපති ධුරයට තරග කිරීමට ඉදිරිපත් වුණාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හමුදාවේ ජේ‍යෂ්ඨ ජෙනරාල්වරු 05 දෙනෙක් ඇතුළු උසස් නිලධාරීන් 14 දෙනකු සේවයෙන් පහ කළා. ඒ නිසා අපට රටින් යන්න සිදුවුණා.


අපි රටින් පිට වෙලා වෙනත් රටවල සේවය කළා. මෙවර මැතිවරණයෙන් ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වුණාම නැවත මේ රටේ යහපාලනයක් ඇති වෙයි කියල විශ්වාසයක් ඇති වුණා. තවත් කාලයක් සේවය කරන්න තියෙත්දියි අපව හමුදාවෙන් ඉවත් කෙළේ. එහෙත් තවමත් අපට මවුබිමට සේවය කරන්න හැකියාව තියෙනවා.

mawbima

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us