ජනාධිපති කාර්යාලයේ වාහන වහාම ආපසු දෙන්න

Published in පුවත්
Tuesday, 13 January 2015 10:44

ජනාධිපති කාර්යාලය සතු මෙතෙක් බාර නොදුන් වාහන පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ ජනාධිපති කාර්යාලය සතු විශාල වාහන ප්‍රමාණයක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල අයථා අන්දමින් භාවිත කරමින් සිටින බවයි.

විවිධ පුද්ගලයින් විසින් භාවිත කළ ජනාධිපති කාර්යාලය සතු වාහන කැබලි කරන බවට ද තොරතුරු ලැබී ඇති නිස‍ා මෙතෙක් බාර නොදෙන ලද වාහන ඇත්නම් ඒවා කඩිනමින් බාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

මේ අතර දින 100කින් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් අනතුරුව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පියවර ගන්නා බව නව රජයේ අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us