subash

subash

මහා බරපතළ දේශපාලනික සංකල්ප නොදන්නා මිනිසෙක් පෙරදා මැදමුලනේ දී අප සැමට හිසට පොලු පහරක් දී අවදි කළේ ය. "මරල හරි දින්නෙ නැත්තෙ මොකෝ ?" ඔහු නැඟූ පැණය යි. මෙයට පිළිතුරු සොයා හිටපු ජනපතිවරයා දිව ගියේ සිය වන්දිභට්ටයින් ලවා නෑකම් කියවාගත් බුදුන් වෙත නොවේ. ඔහු කෝසම්බි ජාතකයෙන් "වෛරයෙන් වෛරය නොසංසිඳෙනා" කතාවක් ගෙනහැර පෑවේ නැත. ඔහු කීවේ, "එහෙම බෑ, ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා" කියා ය. තමන් නොහඳුනා කිසියම් බැදීමක් විසින් මැරීමට ඇති ඉඩ අහුරා ඇති බවක් මිස මැරීමේ කතාව අයුත්තක් බව ප්‍රශ්න කරන්නාට නොහැඟෙනු පිණිස ඔහු අවසන සිය ප්‍රතිවාදයා දිනුවේ ඊළාම් චන්දවලින් බව ද කියා සිටියේ ය. ඊළම නැති කිරීමේ නාමයෙන් මළමිනී කඳුගැසූ රටක සිට ඔහු අමතන්නේ කාටද ? සුද්දාගේ ප්‍රජාතන්ත්‍රවාදයට තවමත් යට නොවූ හර්ද සාක්ෂියක් ඇති අදාල ප්‍රශ්නය නිරායාසයෙන් මතුකළ සිංහලබෞද්ධයා (තනිවචනයකි) ට ය.

රාජ්‍ය අායතනවලට දූෂිත නිලධාරීන් පත් නොකරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද ද පසුගිය කාලය තුළ දී දැවැන්ත කොල්ලකෑමකට ලක් විය.

මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය.

සුවිශේෂී තීරණයක් ගනිමින් නව අධිකරණ අමාත්‍ය,විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

1936 වසරේ සීතල උඳුවප් මාසයේ නත්තලට සතියකට පෙර රෙජිනා බෙගෝලියෝ සිය කුළුඳුල් දරුවා වන හොගේ (ස්පාඤ්ඤ බසින් ජෝර්ජ් යන්නට අනුරූපී නම) මෙලොවට බිහි කරත්දී එලෙස තම කුසින් උපන්නේ කිතුනු සභාවේ අනාගත නායකයා බව ඇය දැන සිටියේ නැත.

නිලන්ත ඉලංගමුව

අපේ මිනිසුන් සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙක් තෝරාගෙන සිටිති. ඔහු පෙරේදා තම රාජකාරී කටයුතු ආරම්භ කළේය. දශක ගණනාවකට පසු ශ්‍රී ලාංකිකයෝ තම තෝරගැනීම නිවැරදිව කොට ඇත. මෙය සැබවින්ම පැසසිය යුතු කාරණයකි. මෙම ඉවසිලිවන්ත මිනිසා රාජ්‍යතන්ත්‍රඥයෙකි. එසේම ඉතාම කලාතුරකින් පමණක් හමුවන සැබෑ මිනිසෙකි. ස්වභාවික නීතිය අනුව ඔහු ජයග්‍රහණ කළ යුතු බව එකල සිටම මා හට පෞද්ගලික විශ්වාසයක් තිබුණු අතර එය ඒ ආකාරයෙන්ම සිදු විය. මෙම ජයග්‍රහණය රැකගැනීම සහ මනා නිරීක්ෂණයකට ලක් කිරීම මීළඟ සැබෑ අභියෝගය වේ.

ඉදිරි මැතිවරණ පැවැත්වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳවද අවධාරණය කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරඅැත.

භාග්‍යවත් ජුසේ වාස් පියතුමන් ශුද්ධ වරයට ඔසවා තැබීමේ නිල ප‍්‍රකාශය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පෙර සිදු කරනු ලැබුවේය. එනම් ජූසේ වාස් පියතුමන් සාන්තුවරයෙක් දක්වා උසස් කිරීමයි
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු සාන්තුවරයාණන් වහන්සේ වෙන්නේ ජූසේ වාස් පියතුමන්ය.

ඉන්දියාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහභාගි වීමට නියමිත බව පැවසේ.ඉන්දියා නිදහස් දින සැමරුම් උත්සවය මේ මස 26 දින පැවැත්වීමට නියමිත අතර බැරක් ඔබාමා 26 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

Connet With Us