subash

subash

රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට පත් කළ සෝමරත්න දිසානායක මහතා ඊයේ දිනයේදී වැඩ භාර ගැනීම සඳහා එම සංස්ථා පරිශ්‍රයට ගියද එහිදී ඔහුව පිළිගැනිමට පැමිණ සිටියේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකි. මේ සඳහා අනෙකුත් සේවකයන්ට සහභාගීවන ලෙස දන්වා සිටියද එම සේවකයන් පවසා තිබුණේ "අපිට ලැජ්ජාවක් කියල දෙයක් තිබෙනවා ඒ නිසා ඔය සභාපතිව පිළිගන්න අපිට බැහැ 'යනුවෙනි.

නව රජයේ අතුරු අයවැයක් ලබන 29 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර අැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලඥයන් ගනනාවක් ජනාධිපතිවරයා වෙත සහය දැක්වීමට ඉදිරිපත් වී එම චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් දරමින් සිටින බව ජවිපෙ ප්‍රකාශකයෙක් පැවැසීය.

ලෝක නායකයන් ඇතුළු ප‍්‍රංශ ජාතිකයන් ලක්ෂ 37 ක් පමණ ත‍්‍රස්තවාදයට විරෝධය පළ කරමින් විරෝධතා පා ගමනක නිරත වේ.

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මෙම සතිය තුළ යළිත් රැස්වීමට සැලසුම් කර අැත.

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සිට ලබන 16 වනදා දක්වා බස්නාහිර පළාතේ පාසල් 56 ක් වසා තැබීමට නියමිතය. පාප් වහන්සේගේ සංචාරය වෙනුවෙන් ආරක්ෂාව සැලසීම සඳහා කටයුතු කරන නිළධාරීන්ට පහසුකම් සැලසීමට එම පාසල් භාවිත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේය.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය යළි එම ධුරයට පත් කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරුන් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරත වසිටියි.

නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ හා සජින් වාස් ගුණවර්ධන්ගේ සහයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

එල්ටිටීඊ සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායකයකු මෙන්ම ශ්‍රි ලනිපයේ උප සභපතිවරයකු ලෙසද ඇමැති තනතුරක්ද දැරූ කරුනා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන්ගේ සහය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර තිබේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලෙකම් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරනයෙන් ජය ගැනීමත් සමඟ ශ්‍රීලනීපයේ සභාපති තනතුර සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව ඇති බව් නිතිඥ ෆයිසර් මුස්තාපා මහ්තා ඊයේ සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

Connet With Us