අද සිට පාසල් 56 ක් වසයි

Published in පුවත්
Monday, 12 January 2015 10:36

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සිට ලබන 16 වනදා දක්වා බස්නාහිර පළාතේ පාසල් 56 ක් වසා තැබීමට නියමිතය. පාප් වහන්සේගේ සංචාරය වෙනුවෙන් ආරක්ෂාව සැලසීම සඳහා කටයුතු කරන නිළධාරීන්ට පහසුකම් සැලසීමට එම පාසල් භාවිත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේය.

මේ අතර ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබූ පාසල් අද දිනයේදී යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොළඹ රාජකීය, ඞී.එස්.සේනානායක යන විදුහල් සහ ගම්පහ පත්තල ගෙදර විද්‍යාලෝක විද්‍යාලය අද විවෘත කිරීමට නියමිතය. කළුතර දෙදියවල මියුසියස් විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් සහ හේමමාලි බාලිකා යන විදුහල් ද අද යළි විවෘත කෙරෙනු ඇත.

මාතලේ කි‍්‍රස්තුදේව විද්‍යාලය, නුවරඑළිය ගාමිණී ජාතික පාසල, ගාල්ල ශ‍්‍රී හෘද කන්‍යාරාමය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය සහ හම්බන්තොට සුචි ජාතික පාසල ද අද විවෘත කිරීමට නියමිතය. යාපනය මධ්‍ය මහා විද්‍යාලය, මුලතිව් මහා විද්‍යාලය, මඩකලපුව හින්දු විද්‍යාලය, ති‍්‍රකුණාමලය විපුලානන්ද විද්‍යාලය ද අද දිනයේදී විවෘත කෙරෙන තවත් පාසල් කිහිපයකි. මීට අමතරව කුරුණෑගල මලියදේව බාලක සහ බාලිකා විදුහල් ද, සර් ජෝන් කොතලාවල විද්‍යාලය ද අද යළි විවෘත කෙරෙනු ඇත.

පුත්තලම සෙයිනබ් බාලිකා විද්‍යාලය, ෆාතිමා බාලිකා විද්‍යාලය සහ ශාන්ත ඇන්ඩෲ විද්‍යාලය ද, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ද අද විවෘත කිරීමට නියමිතයි. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය විහාර මහාදේවි බාලිකා විද්‍යාලය, මොණරාගල රාජකීය විද්‍යාලය, කෑගල්ල බාලිකා විද්‍යාලය සහ ස්වර්ණ ජයන්ති බාලිකා විද්‍යාලය ද අද විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us