සෝමරත්නව පිළිගන්න සේවකයෝ බෑ කියති

Published in පුවත්
Monday, 12 January 2015 11:25

රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට පත් කළ සෝමරත්න දිසානායක මහතා ඊයේ දිනයේදී වැඩ භාර ගැනීම සඳහා එම සංස්ථා පරිශ්‍රයට ගියද එහිදී ඔහුව පිළිගැනිමට පැමිණ සිටියේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකි. මේ සඳහා අනෙකුත් සේවකයන්ට සහභාගීවන ලෙස දන්වා සිටියද එම සේවකයන් පවසා තිබුණේ "අපිට ලැජ්ජාවක් කියල දෙයක් තිබෙනවා ඒ නිසා ඔය සභාපතිව පිළිගන්න අපිට බැහැ 'යනුවෙනි.

කෙසේ නමුත් රූපවාහිනී සංස්ථාවේදී තමන්ට වූ මදිපුංචිකම නිසා අද දිනයේදී පිටතින් පිරිසක් ‍රැගෙන පැමිණ පිලිගැනීමේ උත්සවයක් පවත්වන බව දිසානායක මහතා සංස්ථාවේ ඉහළ නිළධාරීන්ට පවසා විනාඩි කිහිපයකින් නික්ම ගොස් ඇත.


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව කළ පළමු පත්වීම වූ සෝමරත්න දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ සභපතිධුරයට පත් කිරීමය. මේ සම්බන්ධයෙන් බරපතල විරෝධයක් විවිධ පාර්ශ්වවලින් එල්ලවී තිබිණි.

මේ හේතුව නිසා දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කර චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරයට පත් කරන බව ජනාධිපතිවරයා පෙරෙදා රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පවසා තිබිණි.

somar

soma

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us