subash

subash

නව ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලට සන්ධානයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහය ලබා ගැනීම සඳහා මේවනවිට දෙපාර්ශවය අතර සාකච්ජා ආරම්භවී ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ පළමු විදෙස් චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ආරාධනා කර ඇතැයි හින්දු පුවත්පත වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මෙරට පුරාවිද්‍ය දෙපර්තමේන්තුව යටතේ පැවති ඉපැරණි වෙහෙර විහාර වලින් පැහැර ගත් නිදන් හා පුරාවස්තු සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණ ආරම්භ කළයුතු බව එම කේෂේත්‍රෙය් විදවත්හු නව රජයෙන් ඉල්ලා සිටීමට සැරසෙති.

එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමේ කටයුත්තෙහි පතාක යෝධයකු වූ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, එම ජයග්‍රහණය සම්බන්ධයෙන් මුසාවාදා ‍රැසක් මේ වන විට ජනගත කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

අභිනව ජනාධිපතිවරයා දිව්රුම් දී තවම විසිහතර පැයකි. එහෙත් පැරණි ක්‍රමය ම ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන් ම රාජ්‍යය මාධ්‍යය ආයතන විසින් සම්පාදනය කරනු ලබන වැඩසටහන් දෙස විමසිලිමත් වීමේ දී මෙය දක්නට හැකි ය.

නව රජයේ රුපවාහිනී සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායක පත් කර තිබේ.

අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කල්ලියක් වන බොකෝ හරාම්වරුන් නයිජීරියාවේ දුරස්ථ ගම්මාන ප‍්‍රදේශයක සමූල ඝාතනයක් සිදුකර ඇතැයි වාර්තා වේ. චැඞ් රාජ්‍යය සමග පවතින දේශසීමාව ආසන්නයේ පිහිටි බාගා නමැති ගම්මානයේ සිය ගණනක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේය.

බොලිවුඩ් රංගන ශිල්පි සංජේ දත් සිරගෙදරින් ලද නිවාඩුව දීර්ඝ කර ගැනීම සඳහා කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Connet With Us