සයිබර් සකස්කඩ නොකී රතන හිමිගේ හුඹස් කට Featured

Saturday, 10 January 2015 21:12

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමේ කටයුත්තෙහි පතාක යෝධයකු වූ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, එම ජයග්‍රහණය සම්බන්ධයෙන් මුසාවාදා ‍රැසක් මේ වන විට ජනගත කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

විශේෂයෙන්ම අපගේ අවධානයට හසුවූ ප්‍රමුඛ කරුණක් වූයේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය දායකත්වය ගැන උන් වහන්සේ පවසමින් සිටින දෑය.

ඊයේ රාත්‍රියේ ජාතික රුපවාහිනියේ විකාශය වූ 'සුළඟට පසුව' නම් වඩ සටනහකදී අදහස් දක්වමින් පැවැසූවේ මාධ්‍යවලින් තමන්ට කිසිදු සහයක් නොලැබුණ බවය. ඒසේ කියා පසුව කීවේ රූපවාහිනී මාධ්‍ය ආයතන දෙකක් සහය දුන් බවය. අද උදැසන පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අපිට සහය දුන්නේ ලංකාදීප පුවත්පතත්, සිරස රූපවාහිනියත්, ටීඑන්එල් රූපවාහිනියත් පමණක් බව පවසා තිබේ.

 

නැව ගිලෙද්දී ‍රැල්ලට පැනීම

මෙම ආයතන තුල ජනාධිපතිවරණය ආසන්නයේ සහයක් ලබා දුන් බව මතුපිටින් පෙනෙන්නට තිබු ඇත්තක් විනා සත්‍ය නොවේ.

ලංකාදීප පුවත්පත හිමිකරුවා රනිල් වික්‍රමසිංහගේ ඥාතියා බව සැබෑව. එහි කොටස් හිමිකාරිත්වයක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධනටත් ඇති බවත් හැබෑය.

එහෙත් පැහැදිලිවම ලංකාදීප පුවත්පත සේවය කළේ පැවැති රාජපක්ෂ රජයටය. ඊට හේතුවක් තිබිණි. ඒ රාජපක්ෂවරුන්ගෙන් ලැබුණු කොන්ත්‍රාත්ය. ඒ කවරක් වුවත් ජනාධිපතිවරණය වෙනුවෙන් එකදු දැන්වීමක් නොමිළයේ හෝ පහසු මිළකට ලබා දීමටවත් මෙම ආයතනය කටයුතු කළේ නැත. කොටින්ම මුදල් ගෙවීමෙන් හෝ ඇතැම් දැන්වීම් පළ කරන්නට සිදු වූයේ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතියට යටත්වය. මේ හේතුවෙන් දැන්වීම ගනනාවක් වෙනස් කිරීමටත් අත්හැර දැමීමටත් සිදුවිය. ලංකාදීපයේ සහය හිමිවූයේ එසේය.

මිළඟට සිරස. සිරස මාධ්‍ය ජාලයේ හිමිකරුවා කිලී මහරාජාය. කිලී මහරාජා ජනාධිපතිවරණයට විපක්ෂයෙන් ඉදිරිපත්වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව ප්‍රකාශයට පත්වන තෙක්ම කටයුතු කරනු ලැබුවේ විපක්ෂය විනාශ කිරීමටය. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද දැඩි මඩ ප්‍රහාරයන් එල්ල කර ඒ සුනුවිසුනු කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය . ඒද ගෝඨාබය රාජපක්ෂගේ උපදෙස් හා මෙහෙයවීම මතය.

අවසානයේ ‍රැල්ල ඇත්තේ මෛත්‍රීට බව තෙරුම් ගත් කිලී, මෛත්‍රීට පක්ෂපාත ලෙස මාධ්‍ය හැසිරවීය. ඒ අතරතුරදී පවා රාජපක්ෂ රෙජීමය සුනුවිසුනු කිරීමේ අතිශය තීරණාත්මක කටයුත්ත සිදුකල මංගල සමරවීරට මඩ ගසන්නට කටයුතු කළ ආකරයද දකින්නට ලැබිණි.

ටීඑන්එල් රුපවාහිනිය රනිල්ගේ සොහොයුරන්ට අයත් රූපවහිනී ආයතනයක් නිසා ඒ සහෝදර ප්‍රේමයෙන් ඔද වැඩී කටයුතු කලද ඒ බලපෑම් සහගත මාධ්‍ය ආයතනයක් නොවේ. මෙම මාධ්‍ය ආයතනයට වඩා වැඩි සේවයක් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරාට අයත් හිරු මාධ්‍ය ආයතයෙන් ඉ‍ටු වූ බව පැහැදිලිව පැවැසිය හැකිය.

සත්‍ය ලෙසම ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පෙරලා දැමිම සඳහා මේ රටේ ජනසංනිවේදන මාධ්‍යකින් සැබෑ සේවයක් වූවානම් වූයේ වෙබ් අඩවි කිහිපයකින් හා ෆෙස්බුක්, ට්වීටර් වැනි සමාජ ජාලා වලින් බව දැඩිව අවධාරණය කළ යුතුය.

 

රැල්ල හැදුවේ කවුද?

ඒ අද ඊයේ රැල්ල බලා මාරුවූවක් නොව වසර තුන හතරක් තිස්සේ සැලසුම් සහගතව කළ කටයුත්තක් බවත් මේ මොහොතේදී හෙළිකළ යුතුව තිබේ.

වර්තමාන සමාජයේ මධ්‍යය, වන්නේ අන්තර්ජාලය බව අප දැක්කේ වසර පහ හයකට පෙරය. 2010 ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය එතරම් තීරණාත්මක නොවුණත් එහි මුල් අවස්ථා එහිදී දැකිය හැකි විය. එහි සීග්‍ර ව්‍යාප්තිය ඉදිරියේදී වඩා තීරණාත්මක වන බව අපට වැටහීමක් තිබිණි.

ඒ අනුව ආරම්බ කළ මෙහෙයුමක ප්‍රතිපලය්ක් ලෙස රාජපක්ෂ විරෝධි වෙබ් අඩවි කිහිපයක් ආරම්බ විය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම ඇතුළු මාධ්‍යයට එල්ල වූ ප්‍රහාරයන් හමුවේ රාජපක්ෂ පවුල සම්බන්ධ අසුබවාදී පුවත් පළ කිරීම සම්බන්ධයෙන් ස්වයං වාර්ණයක් පනවා ගැනීමට මධ්‍ය ආයතනත් මාධ්‍යවේදිනුත් කටයුතු කළේය. මේ නිවට තත්වය පි‍ටුදැක රාජපක්ෂ පවුල විවෙචනය කරමින් ආණ්ඩුවේ දූෂණ, වංචා, කුමන්ත්‍රණ හෙළිකරමින් වෙබ් අඩවි හා සමාජ ජාලා තුල කෙරුණු මෙහෙයුම මෙම වසර අරම්බයත් සමඟ තවත් දැඩි විය. රටේ දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කරමින් රාජපක්ෂ විරෝධී සමාජ ‍රැල්ල හැදුවේ වෙබ් අඩවි විසින්ය.

රාජපක්ෂලා වෙබ් අඩවි හොය හොයා වාරණ කරන්නත් එම මාධ්‍ය වේදීන් අත් අඩංගුවට ගැනීමටත් වෙබ් අඩවිවලට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නටත් විටෙක ෆේස් බුක් තහනම් කරන්නට කතිකා කිරීමත් සිදු වන්නේ ඒ නිසාය.

මේ රටේ අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකතන ලෂ 40කට ආසන්න ප්‍රමණයක් තිබේ. ෆේස්බුක් ගිණුම් හිමියන් ලක්ෂ 25 කට ආසන්නය. රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීම සඳහා පාවිච්චි කළේ මේ අවකාශයයි.

 

රාජපක්ෂලා පරක්කු විය

රාජපක්ෂලා අන්තර් ජාලය තමන්ට ඇති ප්‍රමුඛ අභියෝගය බවට වටහා ගන්නා විට පරක්කු වැඩිය. විපක්ෂයට එරෙහිව වෙබ් අඩවී විශාල ප්‍රමාණයක් හා ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සිය ගනනාවක් ආරම්බ කරමින් මේ අභියෝගයට මුහුන දීමට කටයුතු කළද ඒ අසාර්ථක විය. ජනාධිපතිවරනයේ අවසන් සතිය සයිබර් යුද්ධයක් විය. සයිබර් ප්‍රහාරයන් දරුණු විය. අප දන්නා පරිදි රෙජීමයට එරෙහිව පෙනී සිටි වෙබ් අඩවි කිහිපයකට දරුණු සයිබර ප්‍රහාර එල්ල විය. එමෙන්ම ඊට ප්‍රතිචාර ලෙස රෙජීමය වෙනුවෙන් පෙනී සිටි වෙබ් අඩවි ගනනවකටත් සයිබර් ප්‍රහාරයන් එල්ල විය. මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් රුපියල් කෝටි තුනක් වැයකර ලෝකයේ ඉහළම තොරතුරු තාකෂණ ක්‍රමවේදයන් අනුගමනය කර තනා තිබු නිළ වෙබ් අඩවිය පවා සයිබර් ප්‍රහරයකින් අඩපණ වී තිබිණි. අන්තර්ජාලය ජනාධිපතිවරණයේදී එතරම්ම තීරණාත්මක විය.

ඒ කෙසේ නමුත් අප කියන්නට උත්සහ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් තීරණාත්මකම මාධ්‍ය මෙහෙවර කරනු ලැබුවේ පුවත් වෙබ් අඩවි කිහිපයක් හා සමාජ ජාලා සාමාජිකයන් විසිනි.

 

අතින් කාලා අනුන්ගේ හරක් බැලීම

එමෙන්ම මෙහිදී දැඩිව අවධාරණය කළයුතු තවත් කරුණක් නම් මෙම වෙබ් අඩ්වි හෝ සමජ ජාලා යනු මෛත්‍රීපලගේ මැතිවරණ ව්‍යාපාරයන් සමඟ ඓන්ද්‍රීය සම්බන්ධයක් දක්වන්නා වූ හෝ එයින් ලැබුණු මුදලකින් පවත්වාගෙන යනු ලැබූ හෝ විදේශ රාජ්‍යන් හෝ එල්ටීටීඊ ඩයස් පොරාවලින් ලැබුණු මුදල් වලින් හෝ පවත්ගෙන යනු ලැබු ඒවා නොවන බවය. එවැනි තත්වයන් සහිත සහභාගිත්වයන් තිබුණද ඒ තීරණාත්මක මැදිහත්වීම කරනු නොලැබුවේය.

සමාජ ජාලාවල මේ කටයුත්තේ නියැලුණු අතිවිශාල පිරිස යනු අතින් වියදම් කරගෙන මේ සමාජ වුවමනාව වෙනුවෙන් පෙනී සිටි අයය. ඒ ද කිසිදු පෞද්ගලික ප්‍රතිලාබයක් අපේක්ෂාවෙන් නොවේ.

එමෙන්ම මේරට තුල සිටිමින් වෙබ් අඩවි පවත්වාගෙන ගිය කිහිප දෙනෙකු එම කටයුත්තේ යෙදුනේ ජිවිතය සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානමක් සහිතවය. මරණ තර්ජන රැසක් එල්ලවෙමින් තිබියදීය.එමෙන්ම වඩාත් බලපෑම සහගත වෙබ් අඩවියක් වූ 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය සඳරුවන් සේනාධීර  පවත්වාගෙන යන්නේ අතිශය දුශ්කර තත්වයන් යටතේය..බව මෙහිලා සඳහන් කළ යුතුය.

යම් ලෙසකින් හෝ අවාසනාවට රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීමට නොහැකි වූවානම් රාජපක්ෂලා වෙතින් දඩයමට ගොඝුරුවන මුල්ම කණ්ඩායම මේ වෙබ්කරුවාන් කිහිප දෙනාය. එහිදී රතන හිමි මාධ්‍ය සාකච්ඡා තබමින් ඔසවා තබන ලංකාදීපයට සිරසට හෝ ටීඑන්එල් ආයතනවලට කිසිදු හානියක් වන්නේ නැත. ඔවුන්ට තවත් රාජපෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරමින් වාසි පැත්තට හෝයියා කියමි චිරාත් කාලයක් වැජඹිය හැකිය.

 

එල්ටීටීඊ රාජපක්ෂ, රත්තරන් ගනුදෙනුව


මේ ලිපිය තරමක් දීර්ග වුවත් මෙහිදී මතක් කළ යුතු තවත් සිද්ධි කිහිපයක් වෙයි. වරක් විපක්ෂ පොදු අපේක්ෂකයා පිළිබඳ සංවාදය සමාජ ගත කිරීමට මුල් වූ සෝබිත හිමිට රාජපක්ෂවරු තර්ජනය කර නිහඬ කිරීමට ගත් උත්සායය පරාජය කරනු ලැබුවේ ඒ ක්ෂණයෙන් වර්තා කළ වෙබ් අඩවි කිහිපය විසිනි. රතන හිමිගේ පන්සල වටලා ඒ රජපක්ෂවරුන් අතට ගැනීමට ගත් උත්සාහය පරාජය කරනු ලැබුවේ වෙබ් අඩවි විසින්ය. රාජපක්ෂලාගේ මැතිවරණ පරාජයට තීරණාත්මක ලෙස බල පෑ එල්ටීටීඊ -රාජපක්ෂ, මහා රත්තරන් ගනුදෙනුව හෙළි කරනු ලැබුවේ වෙබ් අඩවි විසින්ය. අදටත් වෙනත් කිසිදු මාධයක් මඟින් මේ ගනුදෙනුව ගැන වචනයක් කතා කර නැත.. ඡන්ද විමසීමේ දිනය දා රාජපක්ෂලා බලය පැහැර ගැනීමට කළ කුමන්ත්‍රනය ඒ මොහොතේම හෙලිකරනු ලැබුවේ වෙබ් අඩවි විසිනි. 'ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම ආරක්ෂක අමාතංශය යටතට' ගත් බවට වන පුවත 'ලංකාඩේලී' හී පළ නොකරන්නට අද මෛත්‍රීපාල ඉන්නේ සිර කූඩුවකය.

මේ අප, අප ගැන අමුතු වර්ණනාවක් කර ගන්නවා හෝ ජයග්‍රහණය අපේ පංගුව බෙදාගන්නට හෝ ගන්නා උත්සාහයක් නොවේ. මෛත්‍රීපාල ජය ගැනිම අප ගේ ව්‍යායාමයක් නොවේ. ඒ ජනතාව "ස්වෙච්ඡාවෙන්" ගත් තීන්දුවකි. අප කළේ රාජපක්ෂලාව පරාජය කිරීමට ජනතාවට සහය වීමය.

එහෙත්, අනතුරුව බිහි විය යුත්තේ තවත් රාජපක්ෂ පන්නයේ පාලනයක් නොව සාධාරණ යුක්තිගරුක යහපාලනයක් සහිත පාලනයකි. ඒ තුල බොරුව, පක්ෂපාතකම් තිබිය නොහැක. එම නිසා මේ අලුත් ආණ්ඩුවේ පතාක යෝධයන්ට කියන්නේ කරන කියන යමක් හරියට කරන මෙන්ය. ජඩකමට තක්කඩිකමට වැඩ කරන්න ගත හොත් දින 100ට පෙර සිදුවිය හැක්කේ ආපසු ගෙදර යන්නටය. ඊට පෙරමුණ ගනු ඇත්තේද වෙබ් අඩවි විසින්ය.

 

- සුභාෂ් ජයවර්ධන

 

Last modified on Saturday, 10 January 2015 21:14

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us