subash

subash

නව ජනාධිපති ලේකම් ලෙස පී.බී. අබේකෝන් මහතා අද වැඩ භාරගතේය.

මැතිවරණ කාලයේදී දෙමළ ජනතාවගේ සහයෝගය ඉල්ලා ඡන්ද ලබාගැනීමෙන් පසු, දෙමළ ජනතාව නොසලකා හැරීම බලයට පැමිණෙන රජයන්හි පුරුද්දක්වී ඇති බවත් එය මෙවර ජනාධිපතිවරණය අවසන්වීමත් සමග නව රජයද එය පෙන්වා ඇතැයි යනුවෙන් නව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේශන් ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ‍ලේකම් යූ.ඒ.ඩී. බස්නායක මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙසද , ජනාධිපති ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වන අබේකෝන් මහතාද, තාවකාලිකව පත් කිරීමට නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තාවේ..

අලුතින් පත්වු ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානයකින් පසුවන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක් කළේය.

ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණයට සුබ පැතුම් එක් කර අැත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙතැයි අපෙක්ෂා කරන වාහන තුනක් පිළිබඳ සොයා බලා බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර අැත.

ජනාධිපතිවරණයට සති දෙකකට පෙර පෙර ඔහු දිවයිනට පැමිණ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ මහතා අද අළුයම හදිසියේ බැංකොක් බලා පිටත්ව ගියේය.

අභිනව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ වන නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට අද දිනයේදී පත් කිරීමට නියමිතය. ඊට අමාත්‍යවරුන් තිස් දෙනෙකු පමණ ඇතුළත් බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

ජනාධිපතිවරණය ඉලක්කකරගෙන ස්වාධීන රුපවාහිනිය විකාශය කළ රිතූ නැමැති ටෙනි නාට්‍යය විකාශය කිරීම නතර කිරීමට ස්වාධීන රූපවාහිනී පරිපාලනය තීන්දු කර තිබේ. මෙම ටෙලිනාට්‍ය එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මඩ ගැසීම ත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස පාලන තන්ත්‍රය විවේචනය කිරීඑම සඳහා තැනූ දේශපාලන ප්‍රචාරක කටයුත්තක් විය.

Connet With Us