මෛත්‍රීත් දෙමළ ජනතාවට කොකා පෙන්නුවා - මනෝ

Published in පුවත්
Saturday, 10 January 2015 13:58
මැතිවරණ කාලයේදී දෙමළ ජනතාවගේ සහයෝගය ඉල්ලා ඡන්ද ලබාගැනීමෙන් පසු, දෙමළ ජනතාව නොසලකා හැරීම බලයට පැමිණෙන රජයන්හි පුරුද්දක්වී ඇති බවත් එය මෙවර ජනාධිපතිවරණය අවසන්වීමත් සමග නව රජයද එය පෙන්වා ඇතැයි යනුවෙන් නව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේශන් ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.
 
නව ජනාධිපති සහ නව අගමැතිවරයා දිවුරුම්දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පවත්වන ලදි. එම උත්සවයට සමගාමීව පැවත්වූ සාකච්ඡාවකදී මනෝගනේශන් මේ බව අගමැතිවරයාට ප්‍රකාශ කර ඇත. 
 
දිවුරුම්දීමෙන් පසු, කතා කළ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන, තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පුද්ගලයින් නම් වශයෙන් සඳහන් කර ස්තූතිය පුදකරන ලදි. නමුත්, දෙමළ පක්‍ෂ වල නායකයින්ගේ නම් හෝ ඔවුන්ගේ පක්‍ෂවලට හිතාමතාම ස්තූතිය පලකිරීමෙන් වැළකී තම කථාව අවසන් කරන ලද බවට ඔහු චෝදනා කර ඇත.
 
රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, චන්ද්‍රිකා කුමාරතුංග, චම්පික රණවක, හකීම්, රිෂාද් බදියුර්දීන් යන අයගේ නම් ප්‍රකාශ කල නව ජනාධිපතිවරයාට සම්බන්ධන්, මනෝගනේශන් සහ සිදම්බරන්ගේ නම් පමණක් අමතක වී ඇත. ඇතැම් නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමට ආරම්භයේදී ඉදිරිපත් වූයේ නැත. ජනතාව පෙර සිටම මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඉදිරිපත්වීම හේතුවෙන්, වෙනත් මගක් නොමැතිව තම සහයෝගය ලබාදීමට ඉදිරිපත් විය. නමුත්, ඔවුන්ට ස්තූති කළ නව ජනාධිපතිවරයා දෙමළ නායකයින්ගේ නම් පමණක් අමතක කර ඇත. ඒ හේතුවෙන් කණගාටුව පත් මනෝගනේෂන් නව අගමැතිවරයාට අනතුරු අඟවීමක් කර ඇත. 
 
එමෙන්ම ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, තමන්ට සුභ පැතූ හම්බන්තොට මැදමුලන ජනතාව ඉදිරියේ කතාවක් කරමින් ඔහු උතුරු නැගෛනහිර සහ වතුකරයේ ජනතාව තමන්ට ඡන්දය ලබානොදීම හේතුවෙන්, පරාජයට පත්වූ බව අවධාරණය කරා. නමුත් මෙම මැතිවරණයේදී තමන්ට පරාජයත්, මෛත්‍රීපාල සිරිසේනට ජයග්‍රහණයත් ලබාදුන්නේ කවුද? යන්න ජාතියේ නම සඳහන් නොකර ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරුවා. නමුත්, එම ජනතාවගේ ඡන්දයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාලට පමණක් එය නොතේරෙන්නේ ඇයි? යන්න ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබේ.
 
“මෙය පුදුම සහගතය. මෙලෙස කටයුතු කිරීම දකුණේ දේශපාඥයීන්ගේ පාරම්පරික පුරුද්දයි. දෙමළ ජනතාවගේ උපකාර ලබාගෙන ඉන්පසු ඔවුන්ව පැත්තකට දැමීම ඔවුන්ගේ සිරිතයි. දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගෙන බලයට පත්වූ විගස ඔබත් එයම පෙන්වනු ඇතැයි මා විශ්වාස කළේ නැත” යනුවෙන් මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.
 
ඔහුව සමාදාන කිරීමට උත්සාහ කළ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳවම මනෝගනේෂන් සමඟ පුළුල්ව සාකච්ඡා කර, ප්‍රශ්නය විසඳීමට පොරොන්දු වී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us