එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකුද ඊට අයත් බව සඳහන්ය. සංවර්ධනය සහ නවෝත්පාදනය යන සාධක මත පදනම්ව පවතින අමාත්‍යාංශ වල යම් සංශෝධනයක් සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා ෙව්. මෙම අමාත්‍ය මණ්ඩලය පත් කිරිමේ කටයුතු සැලැසුම් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
මේ අතර නව අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09)පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්රයේදී, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.