subash

subash

අද උදැසන   ගොඨාභර රාජපක්ෂගේ නිවසට කැඳවා ඇති බොදු බල සෙනා ත්‍රස්ත සංවිධානයේ  ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ට හා එහි විධායක නිළධාරී ඩිලන්ත විතානගේට ගොඨාභය  විසින් ඉතා පරුෂ වචනයෙන් බැන වැදී ඇත. 
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් හංසයා ලකුණින් තරඟ කළ මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරී 8 දා පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බැවින් ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

ජනපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබදව සාමකාමීව සතුටින් කටයුතු කරන ලෙස අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.

පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා වෙත පවරනු ලැබ තිබේ.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හයවෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අද (09)පස්වරුවේ දිවුරුම් දීමට නියමිතය.

නිලන්ත ඉලංගමුව

අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ආනමඩුවේදී අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ප්‍රතිඥා දුන්නේය.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සුභාශිංෂන පළ කර අැත. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික ජනතාවට ද සුභාශිංෂන පළ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

අද මීට මොහොතකට පෙර නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීම සඳහා මව්බිම මුදලාලි ටිරාන් අලස්, කොළඹ විජෙරාම මාවතේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තවදුරටත් බලයේ රඳී සිටිම සඳහා ගත් උත්සාහය වැලැක්වූයේ ආරකෂක මණ්ඩලය හා රජයේ ජේෂ්ඨ ඇමැතිවරුන් විසින් බව හෙළිවේ,

Connet With Us