subash

subash

"අපි කිසිසේත්ම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමතිධුර බාර ගන්නෙත් නැහැ. ජනතාව අපෙන් අපේක්‍ෂා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, යහපාලනය ඇතිකිරීම, වංචා දූෂණ විරෝධී කි‍්‍රයාමාර්ග ගැනීම වගේ මූලික කටයුතුයි. ජනතාවගේ ඒ අපේක්‍ෂා ඉටුකිරීමට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට වගකීමක් තිබෙනවා. ඒවගේම රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා, මේ දින සියය තුළ මේ ක‍්‍රමය යටතේ ලබාගත හැකි ජයග‍්‍රහණ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. 
 ප්‍රංශයේ දිනපතා පළවන හා නොමිළේ බෙදා හරින ඩිරෙක්ට් මැතෑන් නම් පුවත් පතේ 12 වෙනි සදුදා කළාපයේ ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවීමට ගිය බව සදහන් පුවතක් පලවී ඇත්තේය. 

නව කැබිනට් මණ්ඩලය අද දින දිවුරුම් දුන්නද අත්‍යවශ්‍ය ඇමැතිධුරයක් වූ ක්‍රීඩා ඇමැති ධුරය ගැන සඳහනක් නොවීය.

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. 

බොහෝ දෙනෙක් ලේස් සහිත සපත්තු පළඳින්න අකමැත්තක් දක්වන්නෙ ලේස් ගැට ගැහීමට දක්වන අකමැත්ත නිසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන  දමින්ද මනොජ් රාජපක්ෂ මහතා මේවන විට ‍රැකියාව කරන්නේ  ආනන්ද ක්‍රිශ්නන් නම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සභාපතිත්වය උසුලන   මලයාසියාවේ මැක්සිස් සමූහයට අයත් ඇස්ට්‍රෝ (astro) සමාගමේය. එම ආයතනයේ බහුතරයක් කොටස් ඇත්තේ කේපී හෙවත් කුමරන් පද්මනාදන්ටය. ඒ කොටස් ඔහු ලබා ගත්තේ එවකට එල්ල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් එහි මුදල් ආයෝජනය කරමින්ය.

තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

රජය විසින් ලබන 14 වන දින විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

දූෂිතයින් මේ වන විට රට හැර යමින් සිටිනා බවත්, ඔවුනට නිදැල්ලේ රට හැර යාමට ඉඩ නොදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ස්ථුලතාව රෝග රැසකට මඟ සලසා දෙන නිසා අද දවසේ බොහෝදෙනෙක් ඒ පිළිබඳ කතාබහ කරයි. නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ හෝ එය පාලනය කරගන්නේ නම් ඉතාම සුළු පිරිසකි.

Connet With Us